IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බුද්ධි අංශ නිලධාරියාට වේඩි තැබූ දෙදෙනා පොලිසියට බාරවෙති

එම්.කේ.නන්දසේන
 
කතරගම බස්නැවතුම් සීමාවේදී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියෙකුට ඉකුත් සඳුදා පාන්දර ත්‍රීරෝද රථයකින් පැමිණ වේඩි තබා සැඟව සිටි බව කියන සැකකරුවන් දෙදෙනකු  අද (23) නීතිඥයකු මාර්ගයෙන් කතරගම පොලිසියට බාර වී ඇති බව පොලිසිය කියයි.

 
සැකකරුවන් විසින්  වේඩි තැබීමට  යොදා ගත් ගල් කටස් වර්ගයේ ගිනිඅවිය හා ත්‍රීරෝද රථය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
 
ප්‍රහාරයට ලක් වූ බුද්ධි අංශ නිලධාරියා බස් රථයට ගොඩවීමට කතරගම බස්නැවතුම්පොල වෙත පැමිණෙමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් මෙලෙස වෙඩි තබා පලාගොස් ඇත.
 
වෙඩි ප්‍රහාරයෙන් බුද්ධි අංශ නිලධාරියාගේ වම් අතට බරපතල තුවාල සිදු වී ඇති අතර ඔහුව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයක්ද සිදු කර තිබේ.



අදහස් (3)

බුද්ධි අංශ නිලධාරියාට වේඩි තැබූ දෙදෙනා පොලිසියට බාරවෙති

ලාල් Saturday, 24 March 2018 04:22 AM

නීති විරෝධි ක්‍රියා කරන්නන්ගෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රහාර එල්ලවෙද්දී පුද්ගලික ආරවුලක් කියලා බුද්ධි අංශ නිහඬ කිරීමක්...

:       40       35

Gihan Saturday, 24 March 2018 06:58 AM

දැන් ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් කීයක් විතර ඉතුරු වෙලා ඉන්නවද? නිකන් දැනගන්න අහන්නේ.

:       2       89

channa Saturday, 24 March 2018 08:14 AM

ආයුධ පෙන්වන්න කියලා ගෙනියන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site