IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බැංකු පොලී අනුපාතික සියයට 2කින් පහළට

(ඩයනා උදයංගනී)
සිංහල හින්දු අලූත් අවුරුදු සමයෙන් පසු බැංකු පොළී අනුපාතය පදනම් අගය ඒකක 200කින් එනම් සියයට දෙකකින් පමණ පහත වැටෙනු ඇතැයි පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

මෙහිදී ණය පොළී අනුපාතිකය මෙන්ම ඉතිරිකිරීම්වලට හිමිවන පොළිය ද ඇතුළු සියලූ පොළී අනුපාතිකයන් පහළ යනු ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.

විශේෂයෙන් රුපියල් මිලියන 25ට අඩු ණය ලබාගන්නා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මෙයින් පොළී සහනයක් හිමිවනු ඇතැයි කී අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අතීතයේ ලබාගත් ණයවලට අදාළව ද මෙම සහනය ලැබෙනු ඇතැයි කීවේය.

රජයේ ප‍්‍රතිපත්තිමය පොළී අනුපාතිකය හා භාණ්ඩාගාර බිල්පත් පොළී අනුපාතිකය අනුව ඉදිරියේදී  මාස තුනකට වරක් පොළී අනුපාත ව්‍යුහය සංශෝධනය කිරීමට නිර්දේශ කර ඇති බවත් අමාත්‍යවරයා ස`දහන් කළේය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ කොළඹ 07,  මලලසේකර මාවතේ පිහිටි සිය නිවසේදී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

බැංකු පොළී අනුපාතය ඉහළයාම පිළිබදව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කර තිබූ බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ගිය සතියේ සාකච්ඡුා කර කරුණු සෙවීමට කමිටුවක් පත් කළ බවත් එම එම කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව කමිටුව විසින් අද(10) දිනයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදුන් බව ද ඇමතිවරයා ප‍්‍රකාශ කළෙය.

 කමිටු නිර්දේශ අනුව ඉදිරියේදී මෙලෙස බැංකු පොළිය පහත වැටෙනු ඇති බවත් ඇමතිවරයා කීවේය.

මූල්‍ය මණ්ඩලයේ හිටපු සාමාජිකයෙක් වූ නිහාල් ෆොන්සේකා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පත්කරනු ලැබූ එම කමිටුවේ සෙසු සාමාජියින් ලෙස මහබැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ කරුණාරත්න, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සභාපති ජගත් පෙරේරා, එහි සාමාජික මනිල් ජයසිංහ, ඞී.එෆ්.සී.සී බැංකුවේ ප‍්‍රධාන විධායක ලක්‍ෂ්මන් සිල්වා, හැටන් නැෂනල් බැංකුවේ ප‍්‍රධාන විධායක ජොනතන් අලස් සහ කොමර්ෂල් බැංකුවේ මූල්‍ය අධ්‍යක්‍ෂ නන්දික බුද්ධිපාල යන මහත්වරුන් කටයුතු කර ඇත.
 



අදහස් (9)

බැංකු පොලී අනුපාතික සියයට 2කින් පහළට

Sudath Wednesday, 10 April 2019 06:03 PM

පොඩි වැඩක්

:       14       12

Bamunuarachchi Wednesday, 10 April 2019 07:07 PM

අපේ සල්ලි අඩු පොලියට අරන් ඒ අය පොහොසත් වෙන්න. පොලිය තීරණය කරන්නේ ඇමතිලා නොවෙයි මහා බැංකුවයි.

:       195       133

ලුම්බිණි Thursday, 11 April 2019 12:45 AM

ප‍්‍රතිපත්තිමය පොළී අනුපාතිකය තීරණය විය යුත්තේ මහා බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති අනුව මිස රජයට ඕන විදියට නොවෙයි නේද? මහා බැංකුවට ඒක කරන්න දීල පැත්තකට වීම හොඳ නැද්ද?

:       1       4

සිරිබිරිස් Thursday, 11 April 2019 12:48 AM

වයස අවුරුදු 60 ට වැඩි නමට පමනක් ජ්‍යෙෂ්ඨ පුරුවැසියන් වන විශාල පිරිසක් ජීවත්වුනේ බැංකු කල තැන්පත් වලට ලැබුණු පොලී මුදලින් කියා සීතල කාමරවල සිටින අයට නොතේරෙනවා ඇති. එයත් අඩුකරනවානම් ඉදිරි මැතිවරණ ගැන සිතන්න වෙනවා

:       39       5

himal Thursday, 11 April 2019 03:25 AM

පොළී අනුපාතය තීරණය කරන්නේ මහ බැංකුව කීම අර්ධ සත්‍යයක්. ආයතනයෙන් ආයතනයට පොළී අනුපාතවල යම් වෙනසක් තිබෙනවා වගේම ණය ක්‍රමයට අදාළවත් වෙනස් වෙනවා. එහෙම වෙන්නේ පිරිවැය වෙනස්කම්, අවදානම් වෙනස්කම්, පරිණත කාලයේ වෙනස්කම් වාගේ කරුණු ‍රැසක් මත. රජය දේශීය බැංකු පද්ධතියෙන් ණය ගැනීම සීමා කරනවා නම් පොළී අනුපාතය අඩු කරන්න හැකියි. ඒ වගේම අද නවීන බැංකු හුදෙක් තැන්පතු අරන් ණය දීලා හම්බ කරනවා කියන තැන නෑ. පොළී නොවන ආදායම් ප්‍රභව ගැන තමයි වැඩි අවධානය.

:       0       43

BamunuarachchiThursday, 11 April 2019 04:53 PM

මෙපමණ කලක් පොලී අනුපාත තීරණය කලේ කව්ද? ආයතනයෙන් ආයතනයට පොලී අනුපාත වෙනස් වන්නේ එම ආයතන මහබැංකු පොලියට වඩා අඩු පොලියකට මුදල් තැන්පත් කරුවන් ලබාගෙන ඔවුනුත් ලාභයක් ගන්න නිසයි. ඉස්සර බැංකු තැන්පත් කරුවන් අල්ලාගැනීමට ආකර්ශනීය පොලී දුන්නා මහා බැංකුව එය නැවැත්තුවා.

:       44       0

himalFriday, 12 April 2019 03:56 AM

නෑ එහෙම නෑ. ඔයා බැංකු ක්‍රමය වෙනත් එකක් එක්ක පටලවගෙන. මම කතා කරන්නේ සක්විතිලා ගැනවත් දඬුවම් මුදලාලිලා ගැනවත් නෙවෙයි. මහ බැංකුව තීරණය කරන්නේ පදනම් පොළී අනුපාතය. ඒත් ඒ ඒ බැංකුවේ අවදානම් මට්ටම්, ණය පිරිවැය, පාරිභෝගික පදනම ආදී කරුණු ගණනාවක් මත ආන්තිකමය ලෙස පොළී අනුපාතය වෙනස් වෙනවා. මේක එකම ආයතනය තුළ ණය ක්‍රමවේදය මතත් වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස ගත හොත් බැංකු අයිරා පොළී අනුපාතය නිවාස ණය අනුපාතයට වඩා වැඩියි. අදටත් ලංකාවේ බැංකු අතර පොළී අනුපාත වල වෙනස් කම් තිබෙනවා.

:       0       0

himalFriday, 12 April 2019 03:56 AM

නෑ එහෙම නෑ. ඔයා බැංකු ක්‍රමය වෙනත් එකක් එක්ක පටලවගෙන. මම කතා කරන්නේ සක්විතිලා ගැනවත් දඬුවම් මුදලාලිලා ගැනවත් නෙවෙයි. මහ බැංකුව තීරණය කරන්නේ පදනම් පොළී අනුපාතය. ඒත් ඒ ඒ බැංකුවේ අවදානම් මට්ටම්, ණය පිරිවැය, පාරිභෝගික පදනම ආදී කරුණු ගණනාවක් මත ආන්තිකමය ලෙස පොළී අනුපාතය වෙනස් වෙනවා. මේක එකම ආයතනය තුළ ණය ක්‍රමවේදය මතත් වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස ගත හොත් බැංකු අයිරා පොළී අනුපාතය නිවාස ණය අනුපාතයට වඩා වැඩියි. අදටත් ලංකාවේ බැංකු අතර පොළී අනුපාත වල වෙනස් කම් තිබෙනවා.

:       0       2

BamunuarachchiFriday, 12 April 2019 10:44 AM

හිමාල් ඒ කතාව හරි. ඒත් ඔය මොන පොලියක්වත්, තැන්පතු කරුවන්ට දෙන පොලිය, මහ බැංකුව තීරණය කළ පොලිය ඉක්මවා යන්නේ නැත. බැංකුවකින් ගෙයක් හදන්න දෙන ණයට ගන්නා පොලිය වාහනයක් ගන්න දෙන පොලියට වඩා අඩුයි. නමුත් වැඩි සංඛ්‍යාවක් නිවාස ණය දීම නිසා බැංකුවේ "ටර්න්ඕවර්" එක වැඩියි. කෙසේවෙතත් මුදල් තැන්පත් කරුවන්ට මහා බැංකුවෙන් නියමිත පොලියට වඩා වැඩිපොලියක් වාණිජ බැංකුවලින් ගෙවන්නේ නැත. ණය ගන්නවුන්ට අැවරේජ් එකක් හැටියට මහ බැංකුවෙන් නියමිත පොලියට වඩා අඩුපොලියකට ණය දෙන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13551 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 120 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 949 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site