(මහේෂ් කිර්තිරත්න සහ රවීන්ද්‍ර විරාජ් )
මාතලේ ප්‍රධාන විදියේ රාජ්‍ය බැංකුවක උගසට තැබු රුපියල් කෝටි ගණනක සවර්ණාභරණ ගබඩා කර තිබෙන සෙප්පුව බිදමට තැත්කළ සිද්ධියේ මහ මොළකරුවන කෝටිපති ව්‍යාපාරිකයකු කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.
අත්අඩංගුව ගත් මහ මොළකරු මෙම බැංකු ශාඛාවේ හිටපු කළමණාකරිණියගේ ස්වාමිපුරුෂයා වන කෝටිපති ව්‍යාපාරියකු බවත් පසුගිය 06 දින බැංකුවට ඇතුළුවි ඇති සැකරුවන් 07දා බැංකුවෙන් පිටය යන තෙක්ම සේපුපව කැඩිමට උත්සහ දරා ඇති අතර එය ව්‍යර්ථ වි ඇති බවද මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
බැංකුව ආසන්නයේ තිබු සි.සි.ටි.වි දර්ශන විමර්ශනය කර සැකකටයුතු යතුරුපැදිකරුවෙකු පිළිබඳව සොයා බැලිමේදි මෙම කල්ලියට සමබන්ධ තොරතුරු අනාවරණය වි ඇති අතර සිද්ධියේ මහ මොළකරු බවට හදුනාගෙන ඇති මෙම බැංකුවේ හිටපු කළමණාකාරිණයගේ සැමියා සමඟ දියර කිරි එකතු කිරිමේ මධ්‍යස්ථානයක කළමණකාරුවෙකු සහ රියදුරෙකු ද සමඟ බහිරව පුජාවට පැමිණි බව කියන කාන්තාවකද අත්අංඩගුවට ගෙන ඇත.
මෙම කොල්ලය සිදු කිරිමට යොදා ගත් බව කියන කාර් රථය.යතුරු පැදිය.සේප්පුව බිදිමට යොදා ගත් ගෑස් සිල්නඩර්,ග්‍රයින්ඩර්,ඇතුළු උපකරණ රාශියක් පොලිස් භාරයට ගෙන තිබේ.
මහනුවර අලුවතුගොඩ සිව්මහල් නිවසකදි අත්අඩංගුවට ගත් මහ මොළකරු වන කෝටිපති ව්‍යාපාරියා මේ වන විට රුපියල් ලක්ෂ ගණනක ණයකරුවෙකු බවට පත්න ඇති බවද පොලිසිය කියයි.
බැංකු ශාඛාවේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වී හා බැංකුවේ හදිසි කැදවුම් සිනුවද ක්‍රියාත්මක නොවිමද පොලිසියේ සැකයට හේතුවි ඇත.
සැකකරුවන් අද 14 මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ මේ කාලයේ ඉපදී සිටීමට අපට පෙර පව් තිබිලා ඇති. ඒ තරමටම හොරු... මා අසා තිබෙන සමහරවිට ඔයාලත් දන්නා උපමා කතාවක් සිහියට නැගේ. ඔන්න අතීතයේ සිටි අපේ එක්තරා ජනාධිපති කෙනෙකුයි.. ඇමෙරිකාවේ සහ ජපානයේ ජනාධිපතිවරුයි ප්ලේන් එකේ ගමනක් ගියා. තාක්ෂණයෙන් ඉතා දියුණු ඇමෙරිකානු සහ ජපාන ජනාධිපතිවරු තම දියුණු තාක්ෂණය යොදාගෙන ඔවුන්ගේ රටවල්වලට ඉහළින් ප්ලේන් එක පියාසර කරනා බව නිවැරදිව පැවසුවා. අපේ ජනාධිපතිත් නිකන් හිටියේ නැහැ. ඔහුත් දැන් පියාසර කරන්නේ ලංකාව උඩින් කියා කිව්වා. ගුවන් නියමුවන් එය නිවැරදි බව සනාථ කළා. ජනාධිපතිවරුන් දෙදෙනා විශ්මයට පත් වුනා. "අපට විශ්වාස කරන්නත් බැහැ. ඔයාලා මේ තරම් දියුණුයි කියා " ඔවුන් කීවා."කොහොමද කිව්වේ"? කියා නැවත ඔවුන් ඇසුවා."ඕක ඔච්චර දෙයක්ද, මං ප්ලේන් එකේ කවුළුවෙන් එළියට අත දමාගෙන ගියා. අපේ රට උඩින් යනවිට මගේ අතේ තිබිච්ච මුද්දට විද්දා". ඔහු කීවා. කව්රු මේ කතාව නිර්මාණය කරත් මෙය අපේ රටට නම් නියමෙට ගැලපෙනවා. එහෙම නේද?
තවත් යහපලකයෙක් වගේ....
නමුත් මහබැංකු කඩපු මහේන්ද්‍රන් තාම නිදැල්ලේ...