
(යොහාන් භාසුර)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් ඊයේ (25) පෙරවරුවේ එහි කාර්ය මණ්ඩලය ඉවත්කිරීමේදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස හදුනාගත් ඉන්දීය ජාතිකයා දෙවැනි පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් ආසාදිතයකු නොවන බව තහවුරු වූ බව සෞඛ්‍ය ප්‍රධානියකු පැවසීය.
කෙසේ වෙතත් ඔහු තව දුරටත් කොතලාවල ආරක්‍ෂක පීඨ රෝහලේ ‘කොවිඩ්’ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු ඉදිරියේදී තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයකට ලක්කිරීමට නියමිත බවත් එම නිලධාරියා පැවසීය.
‘කොවිඩ්’ ආසාදිතයකු නොවන බවට තහවුරු වූ අනෙක් ඉන්දීය ජාතිකයා කොළඹ පෞද්ගලික රෝහලකට මාරුකර තිබේ.
කොළඹ ජාතික රෝහලට මෙම පුද්ගලයන් දෙදෙනා ඇතුළත් කිරීමට පෙර කළ පී.සී.ආර්. පරීක්‍ෂණයේ ප්‍රතිඵල අද (26) පෙරවරුවේ ලැබුණු අතර ඔහු ‘කොවිඩ්’ ආසාදිතයකු ලෙස තහවුරු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කියන එක හොඳයි. නැතිනම් ඒ අහිංසකයට මේ අනතුර නිසා ලැබෙන රක්ෂණ වන්දියත් නැතිව යනවා.