IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


පිළියන්දල ගබඩාවක ගින්නක්

බිමල් ජයසිංහ
 
පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ තීන්ත හා රසායනික ද්‍රව්‍ය ගබඩාවක ඇති වූ ගින්නකින් ගබඩාව සම්පුර්ණයෙන් විනාශ විය.මොරටුව හා ගල්කිස්ස ගිණි නිවීමේ ඒකක පැමිණ ගින්න මැඩ පවත්වා ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බණ්ධයෙන් පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (19)

පිළියන්දල ගබඩාවක ගින්නක්

sanka Monday, 11 December 2017 03:48 PM

නියමයි. ගෙවල් අස්සේ මේවගේ ගබඩා තියන්න අවසර දුන්න කෙනා හොයන්න ඉස්සර වෙලාම...

:       0       76

samaTuesday, 12 December 2017 04:33 AM

මගේ මතකයේ හැටියට මීට කලිනුත් මේ වගේම සිද්දියක් උනා මේ ප්‍රදේශයේම. එකත් මගේ මම හිතන්නේ තීන්ත වැඩපලක්.

:       0       0

erdi Monday, 11 December 2017 05:46 PM

පිළියන්දල, කහතුඩුව, මත්තේගොඩ ගෙවල් අස්සෙ තමා කර්මාන්තශාලා තියෙන්නෙ මිනිස්සු නොදැක්කා වගේ ඉන්නවා. ඒ පළාතේ වගකීමක් තියන හාමුදුරුවරු, ග්‍රාමසේවක, දේශපාලඥයෝ ජරාව අරන්ද කොහෙද නිහඩවෙලා. කුඩමාදුව පාරේ තැනක් තියනව එතනෙට ගෙනත් බාන්නේ ගැලුම් 45 හේ බැරල් රසායනික අඩංගු.

:       7       1

චන්දන Tuesday, 12 December 2017 09:35 AM

මේක අපේ ගෙදරට අල්ලපු ගෙදර. මම දන්නේත් නැහැ මේකේ තින්ත තිබ්බ බව. මාර ම්නිස්සු. තවමත් නිකමට අපේ ගේට වෙච්ච දේ බලන්න ආවේ නැහැ.

:       0       2

නිමල් Wednesday, 13 December 2017 05:33 AM

මෙම කර්මාන්ත ශාලාවට බලපත්‍ර නෑ එතන හොර රහසේ පවත්වාගෙන ගිය ආයතනයක් පොලිසියද පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරලා තියෙන්නේ

:       0       0

Lalith Wednesday, 13 December 2017 05:35 AM

බෝකුන්දර මෙම ගබඩාව හොර එකක්ලු. එතනට බලපත්‍රයක් නොමැත. මේක අනියම් ආකාරයෙන් මිනීමැරුමක් පොලිසියත් මෙයට වගකිවයුතු

:       0       40

කමල් Wednesday, 13 December 2017 05:37 AM

ගෙවල් අස්සේ රසායනික ද්‍රව්‍ය ගබඩා කරලා තියාගන්න මේ හොර ගබඩාව බලපත්‍ර දුන්නේ කවුද?

:       0       52

Sagara Wednesday, 13 December 2017 05:54 AM

ගබඩාවේ අයිතිකාරයෝ හැමතැනම කියලා තියෙනවා පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ඒගොල්ලන්ගේ යාළුවෙක් කියලා නිසා පොලිසිය මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත. මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී ගබඩාවක්

:       0       46

Leone Wednesday, 13 December 2017 06:01 AM

මෙම රසායනික ද්‍රව්‍ය ගිනි ගත්තහම එන දුම පිළිකා කාරකයි. මේ සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක නොවීම බරපතළ අපරාධයක් ස්තුතියි ලංකාදීප පුවත්පත මෙම නිව්ස් එකට පොලිස්පතිතුමනි ඔබේ අවධානය පිණිසයි

:       0       0

රුවන් Wednesday, 13 December 2017 06:03 AM

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ හැසිරීම සැක සහිතයි. කරුණාකර මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න.

:       0       0

අතපත්තු Wednesday, 13 December 2017 06:08 AM

මෙම ගබඩාවට බලපත්‍ර නොමැති නම් එය නීතිවිරෝධී ගබඩාවක් වේ. අනියම් ආකාරයෙන් මිනී මැරීමට තැත් කිරීමයි මෙහි අයිතිකරුව එම ස්ථානයේදීම අත්අඩංගුවට නොගත්තේ ඇයි පොලිසිය නිදි ද නැතිනම් නින්ද යවලා ද

:       0       0

ලීලාරත්න Wednesday, 13 December 2017 06:12 AM

ආරංචියේ හැටියට මෙම හොර ගබඩාවේ හොර ගබඩාවට හමුදාවේ නිලධාරියෙකු සම්බන්ධයිලු. මේකේ ඇතැම් වැඩකටයුතු සඳහා සෙබළුන් සහ වාහන යොදා ගන්න බව ද කියැවේ. ගින්න ඇති වෙච්ච දවසේ හමුදා හමුදා සෙබළුන් ඔතන කුණු ඇදලා තියෙනවා මිනිසුන් කතාවෙන්නේ සමහරු වීඩියෝ කරලා

:       1       0

Sarath Wednesday, 13 December 2017 06:50 AM

පොලිසිය වැරදිකරුවන් අත්අඩංගුවට නොගත්තේ ඇයි? මෙහෙම පොලිසියක් පිළියන්දලට එපා...

:       0       0

Oska Wednesday, 13 December 2017 06:58 AM

හමුදා සෙබළුන් පුද්ගලික කටයුතු සඳහා යොදවා ගැනීම ගැන යුද හමුදාව මිලිටරි පොලිසිය පරීක්ෂණ කරන්නේ නැද්ද?

:       0       0

චන්දන පල්ලියගුරු Wednesday, 13 December 2017 07:01 AM

මෙච්චර දෙයක් වෙලත් පොලීසිය රස පරීක්ෂක ගෙන්වලා නෑ. මේක ඉන්ෂුවරන්ස් එකෙන් සල්ලි ගන්න කරපු වැඩක්ද කියල සැකයක් හිතෙනවා. කොහොම වුණත් පොලිසිය වැඩක් නැහැ. අපේ කඩේටත් දුම ආවා ඒක පට්ට සැරයි. ස්ථාන පොලිස් ස්ථානාධිපතිතුමනි, ඔයා ගෙදර යන්න. ඕක ළමයෙකුට දෙන්න.

:       0       8

Dr Wednesday, 13 December 2017 07:02 AM

මමත් ඔය කිට්ටුවම ඉන්න දොස්තර කෙනෙක් තමයි. මේ අය කරලා තියෙන්නේ නීති විරෝධී වැඩක්. මේ අය මේකට වගකියන්න ඕනෑ... හිරේ දාන්න ඕනෑ... පොලිසිය තම රාජකාරිය නිසි ලෙස ඉටු කර නොමැත.

:       0       0

මර්වන් Wednesday, 13 December 2017 07:08 AM

ඔය හාදයා ගමේ මිනිස්සුන්ට තර්ජනේ දාලා. එයා ආමි එකේ කමාන්ඩෝ කෙනෙක්... හොරෙන් පැනපු එක්කෙනාද දන්නෙ නෑ. කොහොම හරි මෙතන විනාශය ගැන හොයා බලන්නට පොලිසිය උනන්දු නෑ.

:       0       0

Kesara Thursday, 14 December 2017 02:42 PM

ලංකාදීප... ඔබ මේ ගැන තවදුරටත් ගැඹුරින් වාර්තා කරන්න. ප්‍රවෘත්තියට ස්තුතියි. මේවා එළිකරන එක රටට කරන යහපතක්....

:       0       0

Saman ekanayaka Saturday, 16 December 2017 12:51 AM

පිලියන්දල පොලිසිය අද දින වන විටවත් (දෙසැම්බර් 16) වැරදිකරුවන් අත්අඩංගුවට ගෙන නොමැත. මහජන උද්ඝෝෂණයක් අත ළඟ. වැරදිකරුවන්ට මෙන්ම නීතිය ක්‍රියාත්මක නොකළ රජයේ නිලධාරින් ට විරුද්ධ ව ද පරීක්ෂණ පැවැත්විය යුතුය.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30195 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12286 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10899 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 772 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 236 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 885 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site