ඩයනා උදයංගනී
පළාත් සභා මැතිවරණ සීමානිර්ණ කමිටු වාර්තාව සමාලෝචනය කිරීම සඳහා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පත්කර ඇති පංච පුද්ගල කමිටු වාර්තාව නියමිත පරිදි මාස දෙකක් තුළ ලැබුණහොත් පළාත් සභා මැතිවරණය තවත් මාස තුන හමාරකින් පමණ පැවැත්වීමට හැකිවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
එම සීමානිර්ණ වාර්තාවේ බහු ආසන නොමැතිවීම, ඇතැම් සීමා නිර්ණයන් පිළිබඳ ගැටලූ පැවතීම හේතුවෙන් එයට පක්‍ෂව ඡන්ද නොලැබුණු බව කී ඇමැතිවරයා සියලූ දෙනා එම අඩුපාඩු මඟහරවා ගැනීම සඳහා සමාලෝචන කමිටුවට සහය දිය යුතු බව ද කීවේය.
කමිටුව මගින් වාර්තාවේ පවතින ගැටලූ නිවැරදි කරමින් ඉදිරිපත් කරන වාර්තාව ජනාධිපතිවරයා විසින් අනුමත කර ගැසට් පත‍්‍රයේ පළ කරනු ලැබූ පසු එය යළිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු නැතැයි කී අමාත්‍යවරයා ඉන්පසු මැතිවරණය පැවැත්විය හැකි බව ද කීවේය.
එබැවින් මැතිවරණය සඳහා ඉවසා සිටිය යුත්තේ වැඩිපුර මාස දෙකක පමණ කාලයක් බව ද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.
ශ්‍රී.ල.නි.ප උප සභාපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (29) පැවති මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇයි මේ බාග? ඔන්න ඕක මාස 4 හෝ 5 හෝ 12 හෝ 24 කරලා දාන්න මුදලාලි.