විනීතා එම් ගමගේ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා සම්මත විය යුතු ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා යන පනත් තුන අදට යෙදෙන විශේෂ පාර්ලිම්න්තු දිනයේ දී ඉදිරිපත් කිරීමටත්, ඔක්තෝබර් 09 වැනිදා විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවා මෙම පනත් තුන සම්මත කරගැනීමටත් රජය එකඟ වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණය ඉක්මන් විය යුතු යැයි තම පක්ෂය විශ්වාස කරන්නේ යැයි ද හෙතෙම සඳහන් කළේය. මේ නිසා පළාත් සභා ඡන්දය ගැන නොසිතා පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට එකඟව ඡන්දය දුන් බව ද දිසානායක මහතා කීය.
මේ සංශෝධනවලට ජවිපෙ එකඟ නිසා ඡන්දය ලබා දුන් බවත් තෙවන වර කියවීම සඳහා (සංශෝධන සඳහා) පක්‍ෂව ඡඥන්ද 159ක් ලැබුණු අතර. ජවිපෙ මන්තී‍්‍රවරුන් 06 දෙනාගේ ඡන්ද නොමැති වුණත් සංශෝධන 2/3න් සම්මත වන බවත් හෙතෙම සඳහන් කළේය.
රාජපක්‍ෂ කණ්ඩායමේ 37 දෙනා විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අතර දෙවන වර කියවීමේදී විරුද්ධව ඡන්දය පාවිච්චි කළ 07 දෙනෙක් තෙවන වර කියවීමේදී විරුද්ධව ඡන්දය දෙන්න පාර්ලිමේන්තුවේ නොසිටි බවත් කී මන්ත්‍රීවරයා පළාත් තුනක ඡන්දයක් පැවැත්වීම වෙනුවට මුළු රටේම පළාත් පාලන ඡන්දය පැවැත්වීම අවශ්‍ය බැවින් තම කණ්ඩායම මෙම තීරණය ගත් බව ද පැවැසීය.
COMMENTS
ඔබේ කරුණු දැක්වීම අපට තේරෙනවා. හිතට එකඟව ඔබ ඉදිරියටත් තීරණ ගනු ඇතැයි යනු අපේ අදහසයි. ජවිපෙට ජයවේවා. !!!
අනේ රතු අලි පැටියාට වරදක් කරලා දුක හිතිලා. කෝ ගන්න කිරිටිකක් පොවන්න.
රතු අලින්ගේ නිර්වත එලි වෙමින් තිබේ..
ඔබතුමාලා රෑට එකතුවෙලා කතා වෙලා අපිට කොකා පෙන්වල ගන්න තීරණ මේවා. කොහොමත් මේවා මෙහෙම බව අපි නම් දැනගෙන හිටියා.
අනිත් පකෂ වලට වඩා ජවිපෙ ට ජනතාවගේ විෂ්වාසය ගොඩනැගෙමින් පවතිනවා
අනේ බලන්නකෝ මේ වගේ "අති පිරිසිදු , මහජන දේපල විනාශ නොකළ, හීනෙන්වත් රජයේ දේපල ගිනි නොතියපු, ලක් මවගේ ආදරණිය දූ දරුවන්ගේ වටිනා ජිවිත නැති නොකළ, හීනෙන්වත් ලක්මවගේ දුදරුවන් නොමරන ලද, රතු මල්ලිලා ටිකක් මේ මුළු සෞරග්‍රහ මණ්ඩලයේම නැතිව ඇති. මොන තරම් සුන්දරව මේ චූටි රතු මල්ලිලා දැන් කතා කරනවද?
කන්න ඕනේ වෙලාවට කබරයත් තලගොයා වෙනවා කියන්නේ මේවට
ඡන්දයට කලින් අනුර එලියට එන්න කියලා අගමැතිවරයා අතින් ඉඟි කරද්දි මෙයා එළියට ගියාලු නේද ?කොහොමද සම්බන්ධය දෙන්නගේ
යු අන් පියට ඡන්දය දුන් හේතුව ජවිපෙ කියයි
මුන් හරියට මහබඹ වගේ . ඕන වෙලාවට හරියන මුණ දානවා.චන්දෙ දන පළමු හා දෙනවා මරනවා කියපු මුන් දැන් චන්ද තියන්න ඕන නිසා සහයෝගය දෙනවලු.කලවැද්දෝ හදි තව බලපුවහම.
කොට්ඨාශ ක්‍රමයට චන්ද තිබ්බම ඔගොල්ලො ඉවරෙට ඉවරයි..
"මේ සංශෝධනවලට ජවිපෙ එකඟ නිසා ඡන්දය ලබා දුන් බවත් තෙවන වර කියවීම සඳහා (සංශෝධන සඳහා) පක්‍ෂව ඡඥන්ද 159ක් ලැබුණු අතර. ජවිපෙ මන්තී‍්‍රවරුන් 06 දෙනාගේ ඡන්ද නොමැති වුණත් සංශෝධන 2/3න් සම්මත වන බවත් හෙතෙම සඳහන් කළේය." මින් අදහස් වන්නේ කොහොමත් සම්මත වන නිසා අපත් ඔන්න ඔහේ චන්දය දුන්නා වගේනේ. වැදගත් වන්නේ සම්මත වෙනවද නැද්ද යන්න නෙමේ ඔබලාගේ මතය කුමක්ද යන්න. චන්ද ප්‍රතිපලය දැන ගන්නේ චන්දය ලබා දීමෙන් පසුවය මෙම තර්කයේ ප්‍රශ්නයක් ඇතිබව වැටහෙනවා.
ජවිපෙ ගැන තිබු විස්වාසය ඉවරයි. මුන් ඇත්තටම රතු අලි පැටවූ.
අද මුළු රටම මෛත්‍රී අලියට හවුලට. රවීලා වරදිකලාට රට හරි අතට . කාන්තා නියෝජනය වැඩි කලාට කාන්තා සුබපැතුම්.
මුන් සේරම හොරු.ඩොලර් වලට යටවෙලා රට ජාතිය ආගම පවා දෙන කොටසක් වෙලා.
හොද වැඩක්. රටට හොද දෙයක් කරන්න මහත්තයෝ
මහින්ද එක්ක නිදියගත්තේ ඇයි කියලත් කියන්න බලන්න.
විරුද්ධවාදියා කරන හැමදේටම විරුද්ධ විය යුතුයි යන මතයෙන් ජවිපෙ බැහැරවීම හොඳ ප්‍රවණතාවයක්.
ජවිපේ ඡන්ද දයාන්විතව හදවතින් ගැඹුරු විස්වාසයකින් දෙන ජන්ද ඒ අය ගෙන් 90% කට මේක දරාගන්න අමාරුයි. අඩු ගාණේ දැන් අවුරැද්දක් පුරාවටම පොලීසියෙන් බැටන් පොලු පාර කාගෙන උන්ගෙන් වතුර නාවා ගෙන වද වෙන සයිටම් විරෝධී සටනට අරගල කරන දරුවන් වෙනුවෙන්, ඔවුනට දේශපාලන නායකත්වය දෙන ඔබ, ඔවුන් වෙනුවෙන් මේ දේ කළා කීවානම් ටිකක් හරි හිත සැනසෙනවා....