( නිමන්ති රණසිංහ)
හොරොයින් ළඟ තබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ වැලිකඩ පොලීසියට අනුයුක්ත කොස්තාපල්වරයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.
රාජගිරිය ඔබේසේකරපුරදී මෙම පිහි ඇනුම සිදු වී ඇත.
පිහි ඇනුමට ලක්ව තුවාල ලබා ඇත්තේ වැලිකඩ පොලීසියට අනුයුක්තව සේවය කළ (84499) ජයරත්න නම් පොලිස් කොස්තාපල්වරයෙකි.
සැකකරුද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 280 ක්ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ තැන්වලට යනවිට රාළහාමිලා නිසි ආත්මාරක්ෂක පෙර සූදානමක් නොමැතිව තනියෙන් යාම හරිම භයානකයි...ඇති යාන්තම් පණ කෙන්දවත් බේර ගත්ත...
බලන්න අපේ රටේ පොලිස් නිලධාරීන් දිහා. මෙයාලා කිසිම විදිහකින් දිනපතා ක්‍රීඩාවක හෝ ව්‍යායාමයක යෙදිලා තමන්ගේ රාජකාරියට සරිලන පසුබිමක් හදාගන්න අය නෙමෙයි! බඩවල් තියනවා රා කලගෙඩි වගේ. එහෙමත් නැත්තම් කෝටුකිතයියෙක් වගේ. පොලිස් නිලධාරියෙක් වුනාම යම්කිසි විදිහකින් ක්‍රීඩා වලට ව්‍යායාම වගේ දේවල් වලට ලැදි පුද්ගලයන් විය යුතුයි. අන්න එතකොට තමයි පොලිස්කාරයෙක් පොලිස් නිලධාරියෙක් වෙන්නේ..