( ප්‍රින්ස් රත්නායක)
බෙලිහුල්ඔය ගඟ ආශ්‍රිතව ඉහළින් පිහිටා ඇති පහන්තුඩාව ඇල්ලට වැටී මියගිය සංජය ක්‍රිෂ්ණ ජයකුමාර් සිහිකර ඔහුට පින් පතා එම දෙමව්පියන් විසින් හා චීන මිත්‍රත්ව සහයෝගිතා පදනම මගින් පහන්තුඩා ඇල්ලට පිවිසුම් ආරක්ෂක කුටියක් තනා අද (6) දින විවෘත කරන ලදී.
සංජය ක්‍රිෂ්ණ ජයකුමාර් ගේ පවුලේ ඥාති මිත්‍රාදීන් සහ චීන මිත්‍රත්ව කමිටු නියෝජිතයින් හා ප්‍රාදේශීය සභාපතීත් ශ්‍රීලාල් සෙනරත්, උප සභාපති වසන්ත බන්දුසේන යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
බොහෝ සංචාරකයින් පැමිණෙන ආකර්ශණීය ප්‍රදේශයක් වන මෙම බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටා ඇති පහන්තුඩාව ඇල්ල නැරඹීමට ගොස් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 22 ක් පමණ වන බව කියැවේ.
මෙහිදී අදහස් දැක්වූ සංජය ක්‍රිෂ්නා ජයකුමාර් ගේ මෑණියන් වූ නයිනී ජයකුමාර් කියාසිටියේ තමන්ට අත් වූ වේදනාව තම පුතු නැති වීමෙන් ඇති වූ වේදනාව දුක තවත් එවන් අම්මාවරුන්ට ඇතිවීම වැලක්වීම පිණිස මෙම කටයුත්තට දායක වූ බවයි.
සිය එකම පුතු මිය යාමෙන් ඇති වූ බවත් එම වේදනාව තවත් මේ රටේ ශ්‍රී ලාංකීය අම්මාවරුන්ට ඇතිවීම වළක්වා ලීමට හැකි නම් එය තමාට තම දරුවා වෙනුවෙන් ඇතිවන සතුටක් බවත් ඇය කීවාය.
සිය පුතු විසි එක් වැනි වියේ දී මෙසේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ පාමින් මියයාමට සිදුවූ අතර ඔහු වෘත්තියෙන් ගණකාධිකාරි තනතුරක කටයුතු කළ බවත් උපාධි ප්‍රදානෝත්සවය එළඹීමට දි කිපයක් තිබිය දී අවාසනාවන්ත ලෙස මිය යාමට සිදු බවත් පවසා සිටියාය.




COMMENTS
හොඳ වැඩක්. නමුත් ඇයි චීනේ ගාවගෙන තියෙන්නේ? නැගෙනහිර ඔක්කොම බෝර්ඩ් අරාබියේ, අනිත් පළාත් චීනේ... හරිම කණගාටුයි.
සියලු ජාතීන්ගේ හැඟිම් එක සමාන බවට තවත් උදාහරණයක්.. ලංකාවේ උපන් කුමන ජාතියක දරුවෙකුට වුවද එය තමාගේ රට බවයි හැඟීම, එබැවින් මෙම තරුණයා තමාගේ රටේ සිරි නැරඹීමට පැමිණ මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුනි... ප්‍රාදේශීය සභාව හොඳ කටයුත්තකට මග පෙන්වා ඇත. එහෙත් මෙම සභාව මෙම අනතුර කලින්ම නුදුටුවේද?
මෙහිදී කළයුත්තේ ආරක්ෂක කුටි තැනීම නොවේ... මුරකාරයෙක් දමා බේබද්දන්ට සහ බෝතල් රැගෙන යන්නන්ට යම් සීමාවකින් එහාට යන්න ඉඩ නොදීමයි. එතකොට මරණ සංඛ්‍යාව බින්දුවට බහියි.
පුතා නං ගියා. ඒත් ජීවත් වෙලා ඉන්න දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට තමයි ජීවිත කාලෙම දුකෙන් ඉන්න වෙන්නේ.
ආරක්ෂක කුටියේ කවුරුවත් ඉන්නවද? ඉන්න එක්කෙනාට මෙතනට එන අයව පරීක්ෂා කරන්නත් ඔවුන් මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතිබවට තහවුරු කරගන්න උපකරණ සහ අවශ්‍ය බලතල දෙනවද? එහෙම නොවුණොත් මේ කුටිය තවත් අපචාර මධ්‍යස්ථානයක් පමණක්ම වෙනු ඇත...
මෙය ඉතා අනාරක්ෂිත සහ ලිස්සනසුළු ස්ථානයක් ඒ වගේම බෑවුම් සහිතයි වැටක් ඉදිකිරිම සුදුසුයි.