IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


පස්වල ගුණාත්මකභාවය මැනීමට කළ පරීක්‍ෂණ අවසන්

නාලක සංජීව දහනායක

දිවයිනේ සියලූම ප‍්‍රදේශවල පස්වල ගුණාත්මකභාවය මැන බැලීම සඳහා සිදුකරන ලද පාංශ පරීක්‍ෂණ කටයුතු මේ වනවිට අවසන් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගොවීන් රසායනික පොහොර භාවිතයේදී ඒ ඒ ප‍්‍රදේශයන්හි පාංශු ව්‍යුහයන්හි රසායනික තත්ත්වයන් පිළිබඳව සැළකිලිමත් නොවීම නිසා මතුපිට පාංශු ස්ථරය ¥ෂණයට ලක්වීම, අස්වැන්න අඩුවීම, වගාවන්ට හිතකර කෘමීන් විනාශවීම, වගාවන්ට අහිතකර පලෑටි වර්ග බෝවීම වැනි තත්ත්වයන් හේතුවෙන් අස්වැන්න අඩුවන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ස`දහන් කරයි.

දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පාංශු පරීක්‍ෂාකර එම ප‍්‍රදේශයන්හි පස්වල අඩංගු පොස්පරස්, පොටෑසියම්,සල්ෆර් වැනි රසායනික ද්‍රව්‍යවල ප‍්‍රතිශතය හඳුනාගනිමින් ඊට ගැලපෙන පරිදි රසායනික පොහොර යෙදිය යුත්තේ කුමන ප‍්‍රතිශතයකින්ද යන්න ගොවීන් දැනුම්වත් කිරීමේ වැඩ සටහනක්ද මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

ගොවීන් අනවශ්‍ය ලෙස පසට රසායනික පෙහොර එක් කිරීමෙන් කිසිඳු ප‍්‍රතිඵලයක් අත්නොවන බවත්, කාබනික ගොවිතැන හා ජෛව තාක්‍ෂණය උපයෝගි කරගනිමින් ගොවිතැන් සිදුකිරීමෙන් පාංශු ස්ථරයේ සඵලතාවය ඉහළ යන බවත් වගාවට හිතකර කෘමීන් ගහනය ඉහළ යාමට එය හේතුවක් වනබවත් පරීක්‍ෂණ මගින් තහවුරු වී තිබේ.



අදහස් (2)

පස්වල ගුණාත්මකභාවය මැනීමට කළ පරීක්‍ෂණ අවසන්

චන්දා Wednesday, 04 July 2018 02:15 PM

කන්න වෙන්නැති... කොහොමත් රට යන තාලෙන් මිනිස්සුන්ට ඉදිරියට කන්න වෙන්නේ පස් තමයි.

:       120       206

Ruwan R Thursday, 05 July 2018 04:30 AM

ගොඩක් කලින් සිදු විය යුතුව තිබුණු හොඳ වැඩක්. දේශපාලනය ගාව ගන්න එපා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 458 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 461 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site