(ටෝනි කරුණානායක)
පිහියකින් ඇන 14 වියැති පාසල් සිසුවකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවකුට වසර 22 කට පසු ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද(12) මරණ දඬුවම නියම කළේය.
මීට අමතරව එම විත්තිකරුට පුද්ගලයන් දෙදෙනෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ද බරපතල වැඩ සහිතව වසරක් බැගින් සිරදඬුවම් නියම වූ අතර රුපියල් 1000ක දඩයක් ද නියම කෙරිණි.
1996 වර්ෂයේ ජූලි මස 31 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී නිට්ටඹුව නිකහැටිකන්ද ප්‍රදේශයේදී ඒ. ඩී. අජිත් රෝහණ යන පාසල් සිසුවා පිහියෙන් ඇන ඝාතනය කිරීම සහ තවත් දෙදෙනෙකුට පිහියෙන් ඇන තුවාල සිදුකිරීමේ චෝදනා සම්බන්ධයෙන් හෑගල්ල දේවගේ කරුණාරත්න නමැති 59 හැවිරිදි පස් දරු පියාට මෙම දඬුවම් නියම කෙරිණි.
COMMENTS
වසර 22ක් යනතුරු බම්බු ගැහුවද?
යහපාලනය එන්නම ඕන .