නාලක සංජීව දහනායක
පාසල් සිසුන් සඳහා දියර කිරි ලබාදීම සඳහා කඩිනම් වැඩ පිළිවෙලක් සකස් කරන බව ධීවර ජලජ සම්පත් හා ග‍්‍රාමීය ආර්ථික අමාත්‍ය විජිතමුණි සොයිසා මහතා අද (9) පැවැසීය.
මෙම වැඩසටහන පළමුව ජාතික පාසල්වලවල ක්‍රියාත්මක කර පසුව සියලුම පාසල් සඳහා ක්‍රියාත්මක කරන බවත්, මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාකිරීමට බපාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.
කොළඹ, මාලිගාවත්තේ පිහිටි ධීවර, ජලජ සම්පත් හා ග‍්‍රාමීය ආර්ථික අමාත්‍යංශයේ දී අද (9) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.
‘අපේ රටේ දියර කිරි භාවිතය ඉතාම පහළ මට්ටමකට වැටිලා. මෙය ඉතාම නරක තත්ත්වයක්. මව්කිරිවලට අමතරව බොන්න තියෙන හොඳම පානය එළකිරි. නමුත් දියර කිරි බිව්වම සෙම හැදෙනව කියල මිත්‍යා මතයක් තියෙනවා. අපි පිටරටින් ගෙන්වන කෘතීම කිරිවර්ගවලට හුරුවෙලා. ඒ නිසා සියලූම දෙනා විවිධ ලෙඩරෝගවලට ගොදුරුවෙලා. මේ තත්ත්වයෙන් මිදෙන්න අපි දියර කිරි භාවිතය වැඩිකරන්න වැඩ පිළිවෙලක් සකස් කරනවා.
එමෙන්ම මේ වනවිට කෘෂි භෝග අලෙවිකිරීම කිරීමේදී ගොවීන් විවිධ ප‍්‍රශ්න වලට මුහුණ දෙනවා. මේ ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස ආර්ථික මධ්‍යස්ථානවල ආහාර කල් තබාගැනීම සඳහා ශීතාගාර හදන්න කටයුතු කරනවා. පළමු ශීතාගාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හදනවා. අලූතින් හදන ආර්ථික මධ්‍යස්ථාන සඳහා ආහාර කල් තබාගැනීමේ නව තාක්‍ෂණය හඳුන්වා දීමට කටයුතු කරනවා.‘ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ දෙයක් පුළුවන් නම්. හැබැයි මේවගේ තියෙන පිරිසිදුබව හා රෝගකාරකයන් පිලිබඳ හොඳ අවබෝධයෙන් කරන්න ඕනෙ. කිරි කියන්නේ ඉතාම ලෙහෙසියෙන් රෝග ව්‍යාප්ත කරවන මාධ්‍යක්.
මොනව කිව්වත් කොළඹට කිරි අපට කැකිරි තමයි. මුලින් කිරිබොන්න වාසනාව තියෙන්නේ ජාතික පාසල්වලට උදේට බඩ, කට පුරා කාල යන ළමයින්ට. හිස්බඩ ඉස්කෝලේ යන මන්දපෝෂණ කොල්ලෝ යන පාසල් වලට ලැබෙන්නේ පහුවෙලා. කිරි බෙදාදීමේ උත්සව ගන්න එහෙම වියදම් කරලා සල්ලි ඉතුරු වුනොත් තමයි. එ්කට කියන්නේ දෙවෙනි අදියර කියලා. ගිහින් තියෙන දුප්පත් ළමයි යන පාසල් වලට ලැබෙන්නේ තව පහුවෙලා ඉතිරිවෙන ටිකයි.
අපි පොඩි කාලේ ඉස්කෝලේ යනකොට කිරි බොන්න බෙලෙක් කෝප්පයක් අරගෙන ගියේ නැත්නම් වේවැල් පාරක් වදිනවා. උදේ විවේක වෙලාවේදී තමයි කිරි හදල දුන්නේ හැබැයි සීනි නම් දුන්නේ නැහැ. කාලයක් කිරිත් එක්ක බනිස් නැත්නම් හුළං විස්කෝතු දුන්න. ලොකු පන්ති වලදී බිස්කට් 3 ක් දුන්නා.
ලංකාවේ කොහෙද ඔච්චර දෙන්න දියර කිරි තියෙන්නේ...
හොඳ වැඩක් මනා පරිපාලනයෙන් යුතුව කරනවානම් නැත්නම් අපේ දරු පැටවුන්ට දෙයියන්ගෙ පිහිටයි.