(සමන් පාලිත නානයක්කාර)
පාසල් යමින් සිටි හල්දුම්මුල්ල නිකපොත අක්කරසීය ප්‍රදේශයේ අටහැවිරිදි පාසල් සිසුවෙකු අද(12) උදෑසනදී වනඅලි ප්‍රහාරයකට ලක්වී කොස්ලන්ද දිසා රෝහලට ඇතුළු කර තිබේ.
නිකපොත මහ විදුහලේ තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අරුණ කුමාර නැමැති මෙම සිසුවා සිය මව හා සහෝදරිය සමඟ උදෑසන 6.00 ට පමණ මාර්ගයේ ගමන් කරමින් සිටියදී කාල්කන්න ප්‍රදේශයේදී මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.මවට හා සහෝදරියට කිසිඳු අනතුරක් සිදුවී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් ළමයින්ට ටැබ් වගේ නවීන් තාක්ෂණික මෙවලම් දෙන එක හොදයි, හැබැයි ඊට කලින් මේ වගේ සෝචනීය ආරංචි එන එක වලක්වන්න පාලකයෝ දැනගන්න ඕනි. අන්න එකයි සැබෑ සංවර්ධනය කියන්නේ.