IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පාසල් උත්සව වලට මිල අධික ශාලා බෑ


ඩයනා උදයංගනී
 
 පාසල්වල පවත්වන විවිධ උත්සව සඳහා වියදම් අධික රංග ශාලා යොදාගැනීම නැවැත්වීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
 
 ඒ සඳහා සියලූ පාසල් ප්‍රධානීන් දැනුම්වත් කර චක්‍රලේකයක් නිකුත් කරන ලෙස තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
 
 අගනුවර බොහෝ පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මිල අධික රංග ශාලා යොදාගැනීම පුරුද්දක් කරගෙන ඇති බවත්, මේ සඳහා අදාළ මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමේදී දෙමාපියන්ගේ දායකත්වය ලබාගැනීම හේතුවෙන් ඔවුන් දැඩි ආර්ථීක අපහසුතාවයන්ට මුහුණ දෙන බවත් අ අකිල් විරාජ් කාරියවසම් මහතා කීවේය.



අදහස් (17)

පාසල් උත්සව වලට මිල අධික ශාලා බෑ

naradha Sunday, 22 October 2017 11:04 AM

හොඳ පියවරක්... විදුහල්පති හට වගකීම පවරා, මේ ප්‍රතිපත්තිය තදින්ම ක්‍රියාවට නංවන්න.

:       102       285

thaththa Sunday, 22 October 2017 11:25 AM

ඔය නෙලුම් පොකුණ රඟහල ගන්න එක ගැන නේද කියන්නේ? ඒකේ වේදිකාව හරි විශාලයි. පාසල් වලින් කරන සංදර්ශන වලදී විශාල ළමයි ප්‍රමාණයක් සහභාගී කරගතයුතු නිසා එම රඟහල පාසල් වලින් තෝරාගන්නවා. එ්කේ වේදිකාවට එකවර ළමයි 75 ක් පමණ යොදාගෙන සංදර්ශන ඉදිරිපත් කල හැකි ය. නැතුව පාසල් වලින් ඒක තෝරාගන්නේ බොරු සෝභන දාන්න නෙවෙයි. අධ්‍යාපන ඇමති හැටියට ඔබතුමාට තියෙන්නේ විශේෂ අඩු මුදලකට පාසල් සංදර්ශන සඳහා ඒ රංග ශාලාව වෙන් කරලා දෙන එක මිසක් චක්‍රලේක ගසමින් ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ඒ සඳහා කරන ඇති විශාල වූ කැපවීම අවතක්සේරු කරන එක නෙවෙයි. මෑත කාලයේ බිහිවුණු අසාර්ථකම අධ්‍යාපන ඇමති...

:       867       1019

himalSunday, 22 October 2017 02:06 PM

මෙතන නෙළුම් පොකුණක් ගැන කියලා නෑනේ. ඉස්කෝලෙක ඉන්න ළමයින්ගේ ඇස් දෙක පාදන එක පැත්තක තියලා ජෝගි නටන්න ගියාම තමයි මේ වගේ විකාර කරන්නේ. නිකමට හොයලා බලන්න ඔය එකතු කරන සල්ලි වලට මොනවද වෙන්නේ කියලා. අද ගොඩක් ඉස්කෝලවල ආදි ශිෂ්‍ය සංගම් කරන්නේ සල්ලි එකතු කරන එක. තමන්ගේ ළමයා ආදි ශිෂ්‍ය පදනමින් දාගන්න නම්, ඒ වෙලාව වෙනකොට ලක්ෂ 5ක වත් සල්ලි හොයලා දීලා තියන්න ඕන කියන ඉස්කෝල තියෙනවා.

:       65       179

thaththaMonday, 23 October 2017 03:43 AM

හිමාල් ගේ අදහස ගැන කනගාටු වෙනවා. ළමයින්ගේ ඇස් දෙක පාදනවා කියල කියන්නේ විෂය නිර්දේශ තුල ළමයින් කොටුකරනවා කියන එක පමණක් නෙවෙ. ළමයින්ගේ පෞරුෂ වර්ධනයට විෂය පරිභාහිර දේවලුත් අවශ්‍ය වෙනවා. ආගන්තුක වේදිකාවක සබකොලයකින් තොරව තම කුසලතා එලි දැක්වීමට ඉඩ සැලැස්වීමත් එකේ එක අංගයක්. ප්‍රධාන පාසල් කීපයක්ම නෙලුම් පොකුණ රඟහල යොදාගෙන ප්‍රසංග පැවැත්වුවා. මේකේ වේදිකාව විශාල නිසා ළමයින් වැඩි ප්‍රමාණයක් සහභාගී කරවිය හැකිය. මම දන්නා පාසලක ළමයින් 1200 කට පමණ ඉඩ සලස්වා දුන්නා. මේකේ ගාස්තුව ඉතාමත් ඉහළය. මේ බරපැන දරන්න වෙන්නේ දෙමාපියන්ට. අමාත්‍යංශ මට්ටමින් සහන මිලට පාසල් සඳහා මේ වේදිකාව ලබා දෙන්න හැකි අවස්ථා සොයා බැලිය යුතුය.

:       64       87

bamunu Tuesday, 24 October 2017 04:37 AM

කෙටියෙන් කීවාම කරුණු තේරුම් ගන්න මිනිස්සු බුහොම අඩුයි, මෙතනට එන අදහස්වලින් එක හොඳට පෙනෙනවා. ඔබේ කතාව මම ඉහළින් අනුමත කොරනවා. බැංකු කොල්ලයට සම්බන්ද ඇමති කීවම කියා වෙන්නේ අහවලාගේ නම් ඕක තේරුම් ගන්න අටුවා ටීකා උවමනා නැත.

:       0       0

buddhiMonday, 23 October 2017 03:17 AM

මට හිතන විදිහට ඔබතුමා දේශපාලුවෙක්. ඔබට සල්ලි ඇති අපේ පැත්තේ පොඩි අයට කන්නත් නැහැ. මේක හොද වැඩක්.

:       0       29

Kumari Sunday, 22 October 2017 11:37 AM

ඇමැතිතුමනි පාසල් සංවර්ධන කමිටු නිලදාරීන් තරහවෙයි.

:       0       46

ravin Sunday, 22 October 2017 11:39 AM

ඊට වඩා හොඳ නැද්ද සියලුම රාජ්‍ය පාසල් උත්සව රාජ්‍ය පාසල් වල තියන උත්සව ශාලා, ක්‍රීඩා පිටිවල පමණක් පැවැත්විය යුතුය කියන එක. ඔබතුමාගේ දෙපාර්තුමෙන්තුවෙනුත් ඔයිට වැඩිය සහාය... ඒ ඒ පහසුකම් තියන විදුහල් වලට ලබාදෙන්න.

:       0       18

ජයරත්න Sunday, 22 October 2017 12:04 PM

අගනුවර පාසල් සංදර්ශන, ක්‍රිකට් තරඟ වගේ දේවල් වලට කරන වියදමින් ගමේ දුප්පත් පාසලකට මොන තරම් උදව් කරන්න පුළුවන්ද? ඇමැතිතුමා මේ පියවරවල් ගන්න අතර මේ පාසල්වල වියදම් ප්‍රසිද්ධ කරන්න. රෝයල් එකෙන්ම පටන් ගන්න පුළුවන්. සිංහල දෙමළ භේදයක් නැතුව ගම් වලට මොන තරම් අසාධාරණයක් වෙනවද කියල එතකොට පෙනෙයි.

:       202       159

Kumara Sunday, 22 October 2017 12:55 PM

නියමයි. හොඳ වැඩක්. කරුණාකර පෙරපාසල්වලටත් මෙය ක්‍රියාත්මක කරන්න.

:       102       131

Hafeel Sunday, 22 October 2017 02:27 PM

එතකොට ඇමැතිවරුන්ට මිල අධික වාහන ගන්න පුළුවන්ද?

:       1       345

aravinda Sunday, 22 October 2017 03:58 PM

මෙය ඉතාමත් කලෝචිත ක්‍රියාවක්. ඊළඟට කල යුත්තේ රජයේ පාසල් වල ආදි ශිෂ්‍යයින්ට දී ඇති සිසුන් බඳවා ගැනීමේ කෝටා ඉවත් කිරීමයි. ඊට හේතුව නම්, මේ පාසල් නඩත්තු කරන්නේ ආදි ශිෂ්‍යන්ගේ අරමුදලින් නොව, පොදු මහජනයාගේ බදු මුදලින් වීමයි. එමනිසා, සෑම පුරවැසියෙකුගේ දරුවෙකුටම, මේ පාසල් වලට ඇතුල්වීමේ සමාන අයිතියක් ලබා දිය යුතුයි.

:       11       366

nuwanMonday, 23 October 2017 05:18 AM

කිසිම පසලක ආදි ශිෂ්‍යයින්ට පසලට ළමුන් බඳවා ගැනීමට බලතල නැත. අාදි ශිෂ්‍ය පදනම යනු අදි ශිෂ්‍ය සංගම් මගින් ළමයි බඳවා ගැනීම නොවේ. සම්පූර්ණයෙන්ම විද්‍යාලයේ විදුහල්පති විසිනි. සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක් හරහා කරන විධිමත් ක්‍රියාවලියකි. එහිදී අාදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙක් සඳහා උපරිම ලබාදෙනු ලබන්නේ ලකුණු18ක් පමණි.

:       1       20

ධම්මික Sunday, 22 October 2017 07:59 PM

සාරි පොටවල් අල්ලන වැඩ වලට නීතිය නැමෙන්නේ නැද්ද?

:       0       31

ama Monday, 23 October 2017 04:56 AM

රාජකීයයේ නව රඟහල , විසාඛාවේ ජෙරෙමියෙස් දියස් රඟහල , ආනන්දයේ කුලරත්න ශාලාව, මියුසියස් විදුහල් ශාලාව, බිෂොප් විද්‍යාලිය ශාලාව, මහරගම යොවුන් රඟහල ආදී ශාලා නොමිලේ අනෙක් පාසල් වලටත් ලබා දෙන්න. පිට පළාත් සඳහා රංගශාලා අලුතින් සාදා නොමිලේ සෑම පාසලකටම ලබා දෙන්න. අපිට කුඩා කාලයේ මෙවැනි රඟහලක පය තබන්න වරම් නොතිබුනත් අපේ දරුවන්ට මග අහුරන්න එපා. මෙරට හැම දරුවෙක්ම නෙලුම්පොකුන වැනි ජාත්‍යන්තර මට්ටමේ රඟහලක් වේදිකාවකට ගොඩ වෙනු දැකීමයි ඔබගේ පැතුම විය යුත්තේ.

:       0       81

නුවන් Monday, 23 October 2017 05:28 AM

එහෙම නම් ශාලා වල කරන උත්සව විතරක් නෙවෙයි. මහා ක්‍රිකට් තරග වලටත් කාලය මුදල් යොදනවා වැඩියි නේද? ඇයි ශාලා උත්සව විතරක් සියල්ලම ගැන සිතලයි නීති ගේනව නම් ගේන්න ඕනෑ...

:       0       1

Mana Monday, 23 October 2017 05:36 AM

මේක දිහා සාධාරණව බලන්න පුළුවන් නම් හොඳයි. පාසල් වල ශාලා පහසුකම් තිබ්බත් එක වරකට බලන්න පුළුවන් 500 ක් වගේ ප්‍රමාණයකට. බීඑම්අයිසීඑච් වගේ එකක එක පාරට 1500ක් දාන්න පුළුවන්. එතකොට පොඩි ළමයි අඩුම ගානේ වාර 3ක් වත් නටන්න ඕනෙ පාසල් ශාලා වල. අනික මේවා ජෝගි නටනවා කියලා හඳුන්වන්න එපා. විෂය භාහිර ක්‍රියාකාරකම් ළමයින්ට තියෙන්න ඕනේ. නෙළුම් පොකුණ වගේ නවීන ශාලා නිසා දරුවන්ගේ හා ගුරුවරුන්ගේ අළුත් අදහස් එක්ක නැටුම් ඉදිරිපත් කරන්න පුළුවන්. හේතුව එම ශාලා වේදිකා විවිධ ආකාරයට වෙනස් කරන්න පුළුවන් නිසා. ගම්වල දරුවන්ට අඩු පහසුකම් තියෙන බව ඇත්ත. ඒත් එයාලගේ පහසුකම් දියුණු කරන්නේ නැතුව නගරේ දරුවන් ගමේ මට්ටමට ගෙනියන එකද යහපාලනයේ න්‍යායයි.

:       60       136

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 499 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 309 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site