(පුෂ්පකුමාර ජයරත්න)
නාරම්මල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක් තුළ පසුගිය සිකුරාදා (31) පාසල් වේලාවෙන් පසුව බීමත්ව සිටි බවට සැකපිට එම පාසලේ ගුරුවරු සිවු දෙනෙක් නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
එම පාසලට සම්බන්ධ කිසිවකු විසින් 119 පොලිස් හදිසි ඇමතුම් දුරකතන අංකයට කළ දැනුම්දීමකින් පසුව නාරම්මල පොලිසියේ නිලධාරින් පිරිසක් පැමිණ බීමතින් සිටි බව කියන ගුරුවරුන් සිවු දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඔවුන් පොලිසියට රැගෙන ගොස් ප‍්‍රශ්න කිරීමේදී බීමත්ව සිටින බවට ඔවුන් පිළිගෙන ඇති අතර පාසල ඇරුණු පසුව නාරම්මල නගරයට පැමිණ මත්පැන් පානය කර තම ගමන්මලූ ගැනීම සඳහා සවස 4.00ට පමණ ආපසු පාසලට ගිය බව එම ගුරුවරුන් සිවුදෙනා පොලිසියට පවසා තිබේ.
මේ අවස්ථාවේදී එම පාසලේ විදුහල්පතිනිය පාසල නිමවීම හේතුවෙන් පාසලෙන් බැහැරව ගොස් සිටි බවද මෙම ගුරුවරුන් සිවුදෙනා බීමත්ව සිටි ආකාරය ඒ අවස්ථාවේ පාසලේ රැඳී සිටි දෙමාපියන් සහ සිසුන් බොහෝ දෙනෙකු දැක ඇති බවද වාර්තාවේ.
වරද පිළිගැනීම හේතුවෙන් එම ගුරුවරුන් සිවුදෙනා පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇත.
මේ පිළිබඳව විමසීමේදී වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා පැවැසුවේ මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය සිදුකර ඒ පිළිබඳව වාර්තාව ජාතික පාසල් අධ්‍යක්ෂවරයා වෙත යැවීමට ගිරිඋල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන් බවය.
පාසල් වේලාවෙන් පසුව වුවද ගුරුවරුන් මේ ආකාරයට පාසල් භුමිය තුළ බීමතින් සිටීම වරදක් සහ නොසුදුසු දෙයක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නාරම්මල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නාමල් පෙරේරා මහතා සිද්ධිය පිළිබව පරීක්ෂණ පැවැත්වූයේය.
COMMENTS
පොලිසිය තම නිල ඇඳුම පිටින්ම මත් පැන් පානය කරන බව සමාජයට නොරහසකි. එත් ගුරුවරු ද මනුෂ්‍යයන් බව සැවොටම අමතකය.
ළමයි පාසලට පෙර ගුරුවරු පාසලට පසු අනේ ගිය කලක්
මේ ගොල්ල මොකක්ද කළ වරද?
මෙවැනි අවස්ථාවල අමාත්‍යාංශ මට්ටමින් කල යුතුදේ ආයතන සංග්‍රහයේ සඳහන් වනවා
රාජකාරි වේලාවෙන් පසුවත් බොන්න බෑ කියල තියෙන්නේ ලංකාවේ මොන නීතියේද ?