අනීෂා මානගේ
පාසල් නිළ ඇඳුමින් මුදලට සූදු ක්‍රීඩාවේ නිරත වූ පාසල් සිසුන් අට දෙනෙකු අද (11) තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල නගරයේ පිහිටි ප්‍රධාන පාසලක උසස් පෙළ හදාරමින් සිටි සිසුන් අට දෙනෙකි. පාසල් ඇදුමින් තංගල්ල කොටුගොඩැල්ල ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය තුළ මොවුන් මුදලට සූදු ක්‍රීඩාවේ නිරතව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ සිසුන් අට දෙනාගේ දෙමාපියන් ගෙන්වා ඔවුන්ට හා සිසුන්ට තරයේ අවවාද කර වරදෙහි බරපතලකම පැහැදිලි කර දෙමාපියන්ට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තංගල්ල දැන් මේ රටේ චිකාගෝව බවට පත්වී ඇත!