IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න තිබුණා

(දසුන් රාජපක්ෂ)

බුද්ධි සේවා අතර සම්බන්ධීකරණයක් පැවතියේ නම් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමේ හැකියාවක් තිබුණේ යැයි හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (8) ප්‍රකාශ කළේය.

2015 වසරින් පසු තමා සකස් කර තිබුණු බුද්ධි අංශ සම්බන්ධීකරණ යාන්ත්‍රණය සහ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් නිසි ආකාරයකින් පවත්වා ගෙන ගොස් නැති බවද විශ්‍රාමික මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා සඳහන් කළේය.

මෙරට තුළ ක්‍රියාත්මක සියලු බුද්ධි අංශවල ප්‍රධානීන්ගේ ආනිවාර්ය සහභාගීත්වයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යාංශය ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සතියේ සෑම අඟහරුවාදාවකම නොනවත්වා බුද්ධි සේවා සම්බන්ධීකරණ සාකච්ඡාවක් පැවැත්වුණු බව කපිල හෙන්දාවිතාරණ මහතා සාක්ධි දෙමින් කියා සිටියේය.

එමෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සතියේ සෑම සිකුරාදා දිනකම ආරක්ෂක මණ්ඩලය අඛණ්ඩව රැස්වූ ද විශ්‍රාමික මේජර් ජනරාල්වරයා පැවසීය.

එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කර තිබුණු පසුබිමක බුද්ධි අංශ ප්‍රධානීන් අතර සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගියේ නම් විවිධ ආගමික අන්තවාදයන් සහ විවිධ අන්තවාදී කණ්ඩායම් නැගී සිට ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කළ හැකිව තිබූ තත්ත්වයක් උද්ගත නොවන්නේ යැයි ද ඒ මහතා කියා සිටියේය.

මත්ද්‍රව්‍ය හා මිනිස් ජවාරම් අන්තර්ජාල අපරාධ සහ දේශපාලනික කටයුතු පිළිබඳ වන බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවන් හරහා අවධානයට ලක්ඛල බව හෙන්දවිතාරණ මහතා ජනාධිපති කොමිසම හමුවේ කීය.

මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත විශේෂ කාර්යාලයේ දී අද (08) රැස්විය.

 

 



අදහස් (0)

පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න තිබුණා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 4 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site