IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


පාස්කු ප්‍රහාරකයාට තඹ දෙන්න කිව්වේ රජයේ උසස්ම නිලධාරීන් දෙන්නෙක්

(දසුන් රාජපක්ෂ)

මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම්වලට මුදල් යෙදවූ කොලෝසස් පුද්ගලික සමාගම සිදුකළ නිෂ්පාදන සඳහා අවශ්‍ය තඹ අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ඊට ලබාදෙන ලෙස එවකට ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලෙස කටයුතු කළ දේවිකා ලියනගේ මහත්මිය  කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙත දැනුම් දී තිබුණු බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් කේ.ඩී.රංජිත් අශෝක මහතා පැවසීය.

පාස්කු දින බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් කේ.ඩී.රංජිත් අශෝක මහතා එසේ අද (3) ප්‍රකාශ කළේය.

කොලෝසස් පුද්ගලික සමාගම පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල කළ ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් එකකි.

කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙත කොලෝසස් පෞද්ගලික සමාගමට අනෙකුත් ගැණුම්කරුවන්ට වඩා වැඩි තඹ අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර මහතාගේ අත්සන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දේවිකා ලියනගේ මහත්මියගේ අත්සන සහිත ලිපි දෙකක් මගින් එම දැනුම් දීම කර තිබුණු බව කේ.ඩි. රංජිත් අශෝක මහතා කොමිසම හමුවේ සාක්කි දෙමින් සදහන් කළේය.

ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර මහතා 2018 ජුලි 6 වැනිදා එම ලිපිය එවා තිබු බවද, ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දේවිකා ලියනගේ මහත්මිය 2018 පෙබරවාරි 5 දින අදාළ ලිපිය එවා තිබු බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්සාෆ් අහමඩ්ට අයත්වී තිබුණු කොලෝසස් පෞද්ගලික සමාගම ලංකාව තුළ මුස්ලිම් අන්තවාදී ක්‍රියා සිදුකිරිම සඳහා රුපියල් කෝටි 4 ½ යොදවා ඇත්තේ මීට ඉහත දී මෙම ජනාධිපති කොමිසමට ලැබුණු සාක්කි වලින් අනාවරණය වී තිබිණි. මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනත් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයේ දී අද (3) රැස්විය.

 

 

 

 

 

 



අදහස් (14)

පාස්කු ප්‍රහාරකයාට තඹ දෙන්න කිව්වේ රජයේ උසස්ම නිලධාරීන් දෙන්නෙක්

Deepal Nirosh Friday, 03 July 2020 02:48 PM

ඉතින් ඔය තඹ දෙන්න කිව්වේ ගෝඨා කියලා කිව්වා නම් ඉවරයිනේ..?

:       61       36

BamunuarachchiSaturday, 04 July 2020 05:28 AM

මොකද යාලුවන්ට වදින කොට හිතට අමාරුයි නේද? ඕගොල්ලො වගේ සිංහලයින් ඉන්න මේ රටේ.., අපි නැවත උපදින්න නම් එපා.

:       0       0

Prasad Friday, 03 July 2020 03:14 PM

බදූර්දීන්ව අල්ලන්න හැදුවට..., වැඩේ කරලා තියෙන්නේ අපේ හිටන්ලගේ ගෝලයින් තමයි...

:       48       110

මුණසිංහSaturday, 04 July 2020 02:16 AM

නෑ... දෙගොල්ලන්ම එකතු වෙලා. බදූර්දීන් තමා ඔක්කොම සංවිධානය කරල තියෙන්නේ. දැන් ඒක පැහැදිලියි.

:       0       0

BamunuarachchiSaturday, 04 July 2020 05:24 AM

කලබල වෙන්න එපා අපේ නිලධාරින්ට විශාල අල්ලස් ලැබී නැතිනම් ඔවුන් මේදේ කළේ ඇයි කියලා ඒ ගොල්ලන්ගෙන් ප්‍රශ්න කරන විට කියාවි. මේ කිසිවක් යහපාලන කාරයින් දාපු තේරීම් කාරක සභාවේදී එළියට ආවේ නැහැ නේද? ටිකක් ඉවසන්න ඉස්සරහට උදැල්ල ගහනකම් එතකොට ඊට වගකිව යුත්තා මතුවේවි...!!!

:       101       242

Pradeep Friday, 03 July 2020 03:55 PM

කොහොමත් පාස්කු ප්‍රහාරයත් එල්ල වුනේ රජය දැනුවත්ව නිසා තඹ දුන්නට මක් වෙනවද..?

:       7       98

hasan420 Friday, 03 July 2020 06:32 PM

100%ක්ම ශුවර් මේක දැන් ඉන්න ආණ්ඩුව සහ ඔහු වටේ ඉන්න අය මුස්ලිම් විරෝධීන් එකතුවෙලා කරපු වැඩක්... ආණ්ඩුව අතට ගන්න ලොකුම තුරුම්බුව දැම්මා, මුස්ලිම් මන්ත්‍රීලාට, මුස්ලිම් ජනතාවට ඔක්කෝටම ගහන්න කරපු ප්ලෑන් එකක්...

:       0       0

sam Friday, 03 July 2020 10:10 PM

හිටපු ජනාධිපතිතුමා මේ සිද්ධිය පත්තරෙන් දැනගනීවි...

:       0       0

Bamunuarachchi Saturday, 04 July 2020 05:29 AM

තඹ කොහොම වෙතත් බෙල්ලට දාගන්න හොඳ කඹනම් හම්බවේවි..!!! 

:       1       0

Asanka Saturday, 04 July 2020 06:19 AM

ශාන්ත බණ්ඩාර, දේවිකා ලියනගේ කියන්නේ මුස්ලිම් දෙන්නෙක්ද? කවුද? කාටද? උදව් කරලා තියෙන්නේ?

:       0       0

BamunuarachchiSaturday, 04 July 2020 01:39 PM

සිංහල නිලධාරින් මුස්ලිම් ඇමතියන් යටතේ රාජකාරියට වැටුණාම හම්බ ඇමතියන් සිංහල නිලධාරින් ලවාම වැරදි වැඩ කරවනවා. නිලධාරින් කාටද පැමිණිලි කරන්නේ? දැනට කොමිෂන් සභාවල දෙන සාක්කි අනුව පෙනීයනවානේ එසේ කරන පැමිණිල්ලක් තඹ දොයිතුවකට මායිම් නොකළ බව. අවස්ථාව ආවාම නිලධාරින් දූෂණ එළිදරව් කරනවා.

:       47       0

Ana Saturday, 04 July 2020 09:01 AM

තමන්ගෙ හිතවතුන්ට වාසි නොදුන් බලධාරියෙක් ඉන්නවා නම් කියන්න. අනෙක ප්‍රහාරයට ඔය තඹ පාවිච්චි කරලා තියෙනවද? කවුරු කිව්වත් තමන්ගේ පාලන සමයේ වැරදි සෙව්ව එකම නායකයා ඔහුයි.

:       0       0

Prabha Saturday, 04 July 2020 01:53 PM

දැන් මේක පත්තරෙන් දකින හිටන්තුමා මොනවද කියන්නේ බලමු...

:       0       2

Nana Saturday, 04 July 2020 03:51 PM

මෙම නිලධාරීන්ට එරෙහිව ද පියවර ගැනීමට කාලයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 117 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 966 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2573 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site