IMG-LOGO

පාස්කු ඉරිදා ප්‍රහාරයේ 32 කට නඩු


 

(*** සුජිත් හේවාජුලිගේ සහ *** අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ සැකකරුවන් තිස් දෙදෙනකුට එරෙහිව නඩු පැවැරීම සඳහා උධෘත ගොනු නීතිපතිවරයාට යොමු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල් සරත් විරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවැසීය.

මනුෂ්‍ය ඝාතන, තුවාල සිදු කිරීම, දේපළ විනාශ කිරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා උධෘත ගොනු මෙසේ යොමු කර තිබෙන බවද ඇමැතිවරයා කීය.

මෙයට අමතරව මෙම විමර්ශනයට අදාළ විමර්ශන ලිපිගොනු අටක් ද නීතිපතිවරයාට බාර දී ඇතැයි කී වීරසේකර මහතා සිද්ධිය පිළිබඳව විමර්ශන පවත්වන ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන නඩු පැවරීම් කටයුතු සිදු කෙරෙනු ඇතැයි ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 246  දෙනෙකු රිමාන්ඩ් හා රැඳවුම් නියෝග මත සිටින බවත්, පුහුණුවීම් කළ අවි ආයුධ ගෙනා, මද්‍රසා පාසල් හරහා අන්තවාදය වැපිරූ පිරිසක් ද ඒ අය අතර සිටින බවත් ඔහු කීවේය.

මේ සැකකරුවන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ වත්කම් හා දේපළ සම්බන්ධයෙන් ද මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන පවත්වාගෙන යන බවද ඔහු පැවැසීය.

මේ අතර පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ලබන 31 වැනිදා නිකුත් කෙරෙන බව ද රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.

එම වාර්තාවෙන් මෙම සිද්ධියට අදාළව සාක්ෂි රැසක් ඉදිරිපත් වනු ඇතැයි ද ඇමැතිවරයා කීය.

ජනාධිපති කොමිසමේ මේ වාර්තාව නිකුත් වනතුරු නීතිපතිවරයා ද බලාගෙන සිටින බව කී වීරසේකර මහතා නීතිපතිවරයා කොමිසමේ සාක්ෂි ද සැලකිල්ලට ගෙන සැකකරුවන්ට විරුද්ධව නඩු පවරනු ඇතැයි ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී හෙළිදරව් කර නොගැනුණු කරුණු රාශියක් ජනාධිපති කොමිසම හෙළිදරව් කරගෙන ඇති බවත් මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව ගැන රජය සෑහීමට පත් නොවන බවත් ඔහු පැවැසීය.

ඇමැතිවරයා මෙසේ පැවැසුවේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් ප්‍රනාන්දු මහතා (ශ්‍රී.පො.පෙ.) පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 



අදහස් (13)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ 32 කට නඩු

Rata Perata Thursday, 07 January 2021 07:38 AM

අපි බලමු.. සිංගප්පූරුවට ගිහින් සල්ලි ගත්ත එක්කෙනා. ඒ වගේම ඒ සල්ලි දුන්නු පාර්ෂවය මේ 30 දෙනා අතර ඉන්නවද කියලා..

:       0       12

C.K.Lankaputhra.Thursday, 07 January 2021 08:09 AM

මල්ලී ඔයාට තව හුඟ කාලයක් ඒක සිද්ධ වෙනකන් බලාගෙන ඉන්න වෙයි. ඒක කවදාකවත් නොවෙන්නත් පුලුවන්. අපේ රටේ දේශපාලනයේ හැටි අන්න එහෙමයි මල්ලී...

:       0       13

BamunuarachchiFriday, 08 January 2021 04:09 AM

මල්ලි ඕකට සිංහල උපමේය වලින් කියන්නේ එළුවාගේ අඩේ වැටෙනකම් බලන් ඉන්නවා වගෙයි කියලා. දැන් වැටෙයි දැන් වැටෙයි කියා මේවගේ නරි එළුවා පස්සෙන් යනවා...

:       0       0

sharm warn Thursday, 07 January 2021 07:57 AM

දන්න දේවල් නොදන්නා ලෙසට සිටීමෙන් වක්‍රව අනුබල දුන්නු කෙනෙක් එහෙම ඉන්නවද ඔය චූදිතයන් අස්සේ?

:       0       12

ssd Thursday, 07 January 2021 08:19 AM

ඔක්කොම දැනගෙන නොදන්නවා වගේ මිනිස්සු මැරෙනකම් බලන් හිටපු යහපාලන දේශපාලුවොයි, අන්තවාදය වපුරන, අනුබල දෙන දේශපාලුවොයි ඔය අතර ඉන්නවද?

:       1       10

Nihal Thursday, 07 January 2021 08:47 AM

ඡන්දයක් අත ළඟ..

:       1       7

duminda Thursday, 07 January 2021 08:56 AM

පාස්කු ප්‍රහාරයේ නියම වාසිය ගත්තු කට්ටිය තමයි මේ.. දිරවා ගන්න බැරිව ඉන්නේ.

:       3       8

beau Thursday, 07 January 2021 10:15 AM

එතකොට සිරිසේන, රනිල්, බදියුදීන්, අනික් දේශපාලකයෝ සහ පොලිසියේ අයට විරුද්ධව නඩු දාන්නේ නැත්තේ මොකද? එක එක්කෙනාට ඇඟිල්ල දික්කළ අය ඔක්කෝටම විරුද්ධව නඩු දැමිය යුතුය. ඒ හැතිකරේ තමතමන්ගේ යුතුකම සහ රාජකාරිය පැහැර හැරියේ...

:       0       5

BamunuarachchiMonday, 11 January 2021 09:13 AM

ඒ නඩුව ජනතා අධිකරණයේ අසා තීන්දුව දුන්නා.

:       0       0

jAGATH G Thursday, 07 January 2021 10:41 AM

රටම දාන්න කාරණා අනුව 1. සිරිසේන උන්නැහේ 2. ආරක්ෂක කවුන්සිලයට ගිය විරුද්ධ පක්ෂයේ පිරිස 3 අගමැති 4 විරුද්ධ පක්ෂයේ නායකයා කියලා තමයි මුලු ලෝකයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ හිතන්නේ..?

:       0       3

KAMAL Thursday, 07 January 2021 10:42 AM

මෙයා මේ කරුවලේ අතගාන්නේ සර්...

:       1       4

THISSA Thursday, 07 January 2021 10:45 AM

ඇත්තටම මේ පාස්කු ප්‍රහාරයෙන් විශාල වාසියක් වුණේ කාටද? ලක්වැසියනි, කියන්න සේරටම කළින්...

:       0       4

BamunuarachchiMonday, 11 January 2021 09:10 AM

වාසිවුනේ කාටද කියලා අහන්න දෙයක්ද? වාසි වුනේ රටේ සිංහල ජනතාවට. අවාසි වුනේ යහපාලකයින්ට ඔවුන් රටේ ආරක්ෂාව බල්ලට දාලා මුස්ලිම් ඇමතියන් ආරක්ෂා කළා. සිංහල ජනතාවගේ නාඩි පරීක්ෂා කලේ නැහැ.. මුස්ලිම් නාඩි වැටෙන විදිහ බැලුවා. අන්තිමට යහපාලක නාඩි නැවතුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 92 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 641 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site