(චන්දන ජයවීර)

අංගම්පිටියේ  ප‍්‍රදේශයේ නිවසක් අසලදි පිරිසක් විසින් පොලු වලින් සිදුකළ  පහරදිමකින් දි පුද්ගලයකු (35) මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අංගම්පිටිය උළු කර්මාන්තශාලාවක සේවය කරන නිශාන්ත කුමාර නැමති අයෙකි.           

පහරදීමෙන් බරපතල තුවාල ලබා සිටි  තැනැත්තාව මාරවිල රෝහලට ඇතුළත් කර සිටියදි මියගොස් ඇති බව පොලිසිය කියයි.         මෙම ගැටුම එදින උදැසන සිදු වු සිදුවීමක් හේතුවෙන් වුවක් බවත් පොලු වලින් පහර දි පලාගිය පිරිස මියගිය තැනැත්තාගේ ඥාතින් බවට තොරතුරු හෙළි වු බව පොලිසිය පවසයි.

මියගිය තැනැත්තාගේ ඥාති පුතෙකු අතුලු තිදෙනෙකු මෙම ඝාතනයට සම්බන්ධ වි ඇති බවට තිබු සැකයක් මත 27 හා 18 හා 26 හැවිරිදි බෝලවත්ත කම්මල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක්ව අද 19 උදැසන අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.