(මුදිතා දයානන්ද)
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා සභා ගැබට පොල් බෑ දෙකක් ගෙන ඒමෙන් අද(3) පැවැති සභා රැස්වීමේ දී උණුසුම් තත්ත්වයක් ඇති විය.
පොල් මිල ඉහළ යාම පිළිබඳව කතා කිරීම සඳහා කොඩිකාර මහතා මෙසේ පොල් බෑ දෙකක් සභා ගැබට ගෙනාවේය.
එසේ පොල් බෑ සභාවට ගෙන ඒමෙන් මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති බව පවසමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝර්ජ් පෙරේරා මහතා සභා ගැබ මැද වාඩිවිය. පොල් බෑ දෙක තමන්ට බාර දෙන්නැයි සභාපති සුනිල් විජේරත්න මහතා ඉල්ලා සිටිය ද කොඩිකාර මහතා එය ලබානොදුන් අතර ඔහුට සහාය වෙමින් සුනිල් ජයමිණ මන්ත්‍රීවරයා එක් පොල් බෑයක් මේසය යට සඟවණු දැකිය හැකි විය.
මල්ෂා කුමාරණතුංග මන්ත්‍රීවරිය පැමිණ එක් පොල් බෑයක් රැගෙන ඉවතට විසිකළ අතර වේත්‍රධාරියකු පැමිණ සඟවන ලද පොල් බෑයද සභා ගැබෙන් ඉවත් කරනු ලැබිණි.
සභාවේ ආරක්ෂාව පිළිබඳ මන්ත්‍රී ආරක්ෂක අංශය වගකිව යුතු බවත් ඒ පිළිබඳව අදාළ අංශවලට පැමිණිලි කරන බවත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා කියා සිටියේය.



COMMENTS
මේවා අර්ථයක්, ප්‍රතිඵලයක්, නැති මාධ්‍ය සංදර්ශන පමණයි.
මේ වගේ දේවල්වලට ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි හොඳ උත්තරයක් දී තිබෙනවා. දිනක් පුද්ගලයෙක් පන්සලට පැමිණ හාමුදුරුවන්ගෙන් ඇහුවලු මල් කිනිති කීපයක් කඩාගන්න. එවිට හාමුදුරුවෝ ඇහුවලු මල් කිනිති මොනවටද කියා. ඔහු කිවලු හාමුදුරුවනේ දුව වැඩිවියට පැමිණිලා අද උත්සවය. වාස් එකට දාන්න මල් ඕන කියා. දුවගේ වයස අසා හාමුදුරුවෝ කිව්වලු උපාසක උන්නැහැ දන්නේ නැද්ද දරුවා වැඩිවිය පත්වන බව. ඉඩමකුත් තියෙනවනම් මේ අවුරුදු 13 පොල් ගෑවද මල් ගහක් දෙකක් වවාගන්නේ නැතුව කියා. ඒවගේ අදත් ඉඩකඩ තිබෙන මිනිස්සුවත් පොල් ගහක් දෙකක් වවාගන්නවනම් පොල් ප්‍රශ්නය බොහෝ දුරට විසදෙනවා. අතරමැදියන්ට අසු නොවී.
මැතිසබය දැන් කවටයන්ගේ, අන්දරේලාගේ රඟහලක් වෙලා වගෙයි. වැරදිලාවත් පොල් බෑයක් පියාඹා ගියා නම් මළකෙලියක් තමා, පාර්ලිමේන්තුව ඇතුලේ. ඔන්න අන්තිමට, දේවාලවල ගහන පොල්වලටත් අලුත් වැඩක් ලැබිල වගෙයි !!! දේවාලෙන් මැති සබේට...පොල් බෑයටත් "සුබ අනාගතයක්" !!!!