IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


පොලිස් මාධ්‍ය ඒකකයේ ’හලෝ’ ගොළු වෙයි

(ඉන්දිකා  රාමනායක)

වසර කිහිපයක් පුරා මාධ්‍ය වෙත තොරතුරු ලබාදුන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය   සියලූ සේවා කටයුතු  අද (27)   කි‍්‍රයාත්මක නොවුණි.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාගේ දුරකතන අංකය මෙන්ම, පොලිස් මාධ්‍ය ඒකකයේ  සියලූ  දුරකතන අංක  ද   අද  දිනය කි‍්‍රයා විරහිත කර තිබුණි.

 පොලිස් මාධ්‍ය ඒකකය මගින් දිවයින පුරා දෛනිකව සිදුවන සිදුවීම්  වල සම්පිණ්ඩනයන්  (මාධ්‍ය නිවේදන) විද්‍යුත්  තෑපෑල  හරහා  දිනපතා  අවස්ථා කිහිපයකදීම     මාධ්‍ය ආයතන වෙත නිකුත් කළ ද,  අද පස්වරුව වන තෙක්ම  එම කිසිදු නිවේදනයක් මාධ්‍ය ආයතන වල යොමු  කර නොතිබුණි.

 සිද්ධිය සම්බන්ධයෙන්  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සම්බන්ධකර ගැනීමට කිහිප අවස්ථාවකදී ම උත්සහ කළ ද  මාධ්‍ය ප‍්‍රකාශවරයාගේ දුරකතන  විසන්ධි වී තිබුණි.
 
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ උසස් නිලධාරියකුගෙන්  කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ කටයුතු  ආරක්ෂක අමතායාංශයේ මාධ්‍ය කේන්ද්‍රය හරහා සිදු කිරීමේ  වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක  වීමට  නියමිත ඇති බැවින් මෙම පියවර ගෙන ඇති බවයි.
 
 වැඩ බලන පොලිස්පතිවරයාගේ   දැනුම් දීමක් අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ කටයුතු  නැවතී ඇති බවද   පැවසේ.
 
 ෆේස්බුක් ගිණුමේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය  වශයෙන් නිළ ගිණුමක්  පවත්වාගෙන  ගියද ඉකුත් (25) වැනි දින සිට එම  පිටුව යාවත්කාලීන වී නොමැත.
 
 පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ    පොලිස් නිලධාරීන් 60 ට අධික පිරිසක් සේවය කරමින්  සිටිති.
 
 සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ආරක්ෂක ලේකම්   මේජර් ජනරාල් (විශ‍්‍රාමික) කමල් ගුණරත්න මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට සුදානම්   එතුමා දුරකතනය ප‍්‍රතිචාර නොදැක්වීය.



අදහස් (10)

පොලිස් මාධ්‍ය ඒකකයේ ’හලෝ’ ගොළු වෙයි

mihira Wednesday, 27 November 2019 12:51 PM

අනේ හොඳයි... ඕකනේ ඉල්ලුවේ නිදහස.. දුන්නා වෙඩි.. ඔහොම වෙලා මදි...

:       80       527

RamanayakaWednesday, 27 November 2019 01:54 PM

කිව්ව තරමක් කිව්වේ බොරුනේ. එහෙව් එකේ ඕක වහලා දැම්මා කියලා ලොකු වෙනසක් නැහැ. ඕක මීට කලිනුයි වහලා දාන්න තිබ්බේ...

:       393       354

ලියනගේWednesday, 27 November 2019 05:29 PM

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර අර කුණු ප්‍රශ්නයට මැදිහත්වෙලා නිසා වෙන්න ඇති...

:       58       82

sandy123 Wednesday, 27 November 2019 01:46 PM

අපිට නම් මාරම මාර සනීපයි.

:       0       141

sirimal Wednesday, 27 November 2019 01:49 PM

මෙම වෙනසට පසුබිම් වී ඇත්තේ "ස්විට්සර්ලන්ත වීසා නිලධාරිනිය පැහැර ගැනීමත්, මාධ්‍ය ආයතන කිහිපයක් පොලිස් පරීක්ෂාවට ලක්වීමත් මාධ්‍යවේදීන් රහස් ‌පොලිසියට කැඳවීමත් "කියා සමහරු කියනවා. දැන් මේවගේ අදහස් දැක්වීම් වුණත් පරීක්ෂාවට ලක්වෙන්නට බැරි නිසා මින් ඉදිරියට කටවහගෙන ඉන්නයි මමත් කල්පනා කලේ. නිකන් මොකටද අතින් කාලා අනුන්ගේ හරක් බලන්නේ නේද මෙයා? හැට පන් ලක්ෂයක ප්‍රාර්ථනාවනේ... ඔහේ ඕනෑ මළදානයක් වෙච්චිදෙන්. මෙන්න අපි ගියා...

:       817       780

බද්රානි Wednesday, 27 November 2019 02:52 PM

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පමණක් නොවේ... මේ රටේ සියලුම මාධ්‍යයද වසා දමන්න ඕනෑ. රජයේ මාධ්‍ය හැරුණු විට පෞද්ගලික මාධ්‍ය දැඩි ලෙස වාරණයට ලක්කළ යුතුයි. එසේ නොකොට මේ රටේ විනය හැදිය නොහැකියි.

:       151       367

KumarThursday, 28 November 2019 04:41 AM

දැනට බංකලොත් භාවයට පත්වී තිබෙන කොමියුනිස්ට් රටවල් අනුගමනය කළ වහල් ප්‍රතිපත්තියක් නේද? ඒ කියන්නේ ආණ්ඩුව නිදහස් මාධ්‍යයට බයයි කියන එකද? එතකොට ආණ්ඩුවේ ඇත්ත පුවත්පත විතරයි ඉතිරි වෙන්නේ...

:       0       10

කරුණාපාල Wednesday, 27 November 2019 05:30 PM

අන්න ඔබ හරි සිරිමල් මහත්තයෝ "වැල යන පැත්තට මැස්ස ගසාගෙන" පවතින වාතාවරණය තුළ ලොකු ගාණක් සාක්කුවට වැටෙන ක්‍රමයක් හදාගෙන පොඩි ගාණක් රට, ජාතිය, ආගම වෙනුවෙන් වැයකරලා ඊළඟ පාර මොකක් හෝ ඡන්දෙකට ඉදිරිපත් වෙලා කෙසේ හෝ ප්‍රාදේශීය සභාවකටවත් රිංගගෙන ජීවිතය ගොඩදා ගන්නවා හැර වෙන මොන බණද අපේ හාමුදුරුවනේ? ඉන්න ටික කාලේ රටේ ඉතිහාසය ගැන පොඩි කයිවාරුවක් ගහලා, ජාත්‍යන්තරයට කුණුහරුපෙන් බැනලා, ඇමරිකාවට, එංගලන්තෙට හෝ ඔස්ට්‍රේලියාවට දරුවෝ ටික පන්න ගන්න තියනවා නම් ආයේ ඊට වැඩිය වෙන මොනවද? රට, ජාතිය අපේ කියලා මොකද, සුද්දෝ මේ රට උස්සගෙන ගිහින් ඒ රටක හයි කරගෙන අපිව දරුකමට හදා ගන්නවැයි? අනික මහත්තයෝ මේක අපේ පාලකයින්ට අයිති රට. ඒ නිසා එහෙම පිට කාටවත් අරගෙන යන්න දෙන්නත් බැහැනේ... ඒ මහත් හොරුන්ටත් ගාණක් කඩාගන්න තියෙන්නේ මේ රට විතරයිනේ...

:       0       163

CHANDA Wednesday, 27 November 2019 09:02 PM

කොමෙන්ට් වලින් පේන්නේ තාම රට පරගැතින්ට බිලිදෙන්න වලිකන කුලියට කහින්නන්ගේ අඩුවක් නැති වගයි...

:       98       55

Mahee Thursday, 28 November 2019 03:27 AM

කරුණාපාල මහතා සමග මුළුමනින්ම එකඟයි. මමය මාගේය වැනි දේ ගැන තිබෙන ඉගැන්වීම් අනුව අපි තෘෂ්ණාවෙන් මේක මගේ රට, මගේ ජාතිය, මගේ ආගම ආදී වශයෙන් අල්ලාගෙන සිටීම තමයි සියලුම දුක්වේදනා වලට හේතුව. තණ්හාය ජායතී සෝකෝ. රට අපේ නම් අපට ඕනෑ විදිහට රට දුවන්න එපායෑ.. දැන් දුවන්නේ පාලකයන්ට හිතෙන හිතෙන විදිහටනේ... ඒ හින්දා තණ්හාය ජායතී භයං වෙන්න කලින් සියලු ආශාවන් දුර ඇරලා, හයිය තියෙනවා නම් පිටරටකටවත් පැනගෙන ජීවත්වෙන්න හිතට ගත යුතුයි, පින්වත්නි...

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 162 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 233 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1103 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site