(නිමන්ති රණසිංහ)
 
අධිකරණ භූමිය තුළ කළහාකාරී ලෙස හැසිරී අධිකරණ පොලිස් නිලධාරියාට බැණ තර්ජනය කර සාපරාධී බලහත්කාරය පෑමේ වරද පිලිගත් තරුණයකුට විවෘත අධිකරණයේදී පොලිස් නිලධාරීයාට ආචාර කර සමාව ගන්නා ලෙසට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නැවත මෙවන් වරදක් සිදුකළ හොත් දැඩි දඩුවම් පමුණුවන බවට තරයේ අවවාද කරමින් අද (06) මුදා හැරීය.  
 
මෙලෙස අවවාද කර මුදා හැරුණේ අංක 199/11 ඒ, ජුම්මා මජීඞ් පාර, මාලිගාවත්ත,කොළඹ 10 පදිංචි මොහොමඞ් පායි මොහිදීන් වාහීඞ් නැමැත්තාය.