බිඟුන් මේනක ගමගේ
ජාතික පොලිස් කොමිසම රැස්වන සභා වාර ගණන වැඩිකිරීමට තීරණය කර ඇතැයි එහි සභාපති පී.එච් මනතුංග මහතා ලංකාදීපයට පැවසීය.
ව්‍යවස්ථා සභාව මගින් පත්කෙරුණු ජාතික පොලිස් කොමිසමේ නිල කාලය ලබන ඔක්තෝම්බර් මස අවසන් වන බැවින් තමන්ට ලැබී ඇති පැමිණිලි ඊට පෙර කඩිනමින් විභාග කර අවසන් කිරීමට මෙසේ අමතර රැස්වීම් පැවැත්වෙන්නේ යැයි සභාපතිවරයා කීය.
වසර තුනක නිල කාලයේදී මෙතෙක් කොමිසමට පැමිණිලි 4659 ක් ලැබී ඇති අතර එයින් 4263 කට විසඳුම් දී ඇතැයි ද එය ප්‍රතිශතයක් වශයෙන් 91% ක් යැයි ද මනතුංග මහතා කීවේය.
පොලිස් නිලධාරින්ගේ අභියාචනාවලින් තවත් 1079 ක් ඉතිරිව ඇතැයි කී හෙතෙම කොමිසමේ නිල කාලය අවසන් කිරීමට පෙර ඉදිරි මාස තුනක කාලයේදී අනිවාර්යෙන්ම ඒවා විසඳා අවසන් කරන්නේ යැයි ද අවධාරණය කළේය.
අභියාචනා විසඳා අවසන් කිරීම පමාවූයේ පොලිස්පතිගෙන් ලැබිය යුතු වාර්තා කලට වේලාවට නොලැබීම යැයි ද පොලිස්පතිගේ වාර්තා පමා වන විට කොමිසම විසින් ගනු ලැබිය යුතු තීරණ පමාවන්නේ යැයි ද මනතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
75
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
908
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2530
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පොලිස් කොමිසම අමතර රැස්වීම් කැඳවයි