(ඉන්දිකා රාමනායක)

ඉස්ලාම් භක්තික පොලිස් නිලධාරීන් වෙනුවෙන්  වාර්ෂිකව පැවැත්වෙන  පොලිස් ‘‘ ඉෆ්තාර් උත්සවය’’  මෙවර අවංලංගු කර ඇති අතර ඒ වෙනුවෙන් වැය කිරීමට නියමිතව තිබු රුපියල් ලක්ෂ 10 ක මුදල ගංවතුර හා නායයාමෙන් ආපදාවට පත් වු ජනතාව වෙනුවෙන් යෙදවීමට  පොලිසිය පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙවර උත්සවය  ඉකුත්  30 වැනි දින  නීතිය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය   සාගල රත්නායක, පොලිස්පති පුජිත් ජයසුන්දර , අමාත්‍යවරුන්, මන්ති‍්‍රවරුන්, සහ  ඉස්ලාමීය රටවල්  නියෝජනය කරමින් තානාපතිවරුන්,  අමාත්‍යාංශ ලේකම්වරුන් , ඉස්ලාම් භක්තික පොලිස් නිලධාරීන් ගේ සහභාගීත්වයෙන්  පැවැත්වීමට සුදානම් කර තිබු බවද පොලිසිය කියයි.

 ජල ගැලීමෙන් හා  නාය යාමෙන් රට තුළ ඇති වු  ව්‍යසනය හේතුවෙන්  එම උත්සවය අවලංගු වු අතර පසුව එම මුදල අවතැන් වු ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ලබා දීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබු බවද පොලිස් මුලස්ථානය  වැඩිදුරටත් පැවසීය.