(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස්පතිගේ නිර්දේශය මත නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් හා සහකාර පොලිස්පතිවරු නව දෙනෙක් අද (30) මාරුවීම් සිදු කර ඇත.
නියෝජ්‍ය පොලිස්පති ආර්.එම්. කොඩිතුවක්කු සබරගමුවේ සිට කළුතරට ද , නියෝජ්‍ය පොලිස්පති ඩී.කේ. පෙරේරා කළුතර සිට සබරගමුව පත් කර ඇත.
එලෙසම මාරු වීම් ලැබු සහකාර පොලිස්පතිවරු මෙසේය. එම්.අයි.වීරසිංහ මහතා කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සිට කළුතර කොට්ඨාසයට, ජේ.එස්.කරුණාසිංහ මහතා අම්පාර සිට කොළඹ මධ්‍යම කොට්ඨාසයට,එස් විජේගුණවර්ධන මහතා පානදුර සිට අම්පාර ට , අමරකොන් බණ්ඩාර මහතා කුරුණෑගල සිට නිකවැරටියට,එම්.එම්.පුස්ඇල්ල මහතා වංචා විමර්ශන කාර්යාංශයේ සිට කුරුණෑගලට, ඩී.ජේ.රත්නායක මහතා බණ්ඩාරවෙල සිට මොනරාගලට, සී.ඩබ්ලිව් රාජපක්ෂ මහතා මහනුවර සිට බණ්ඩාරවෙලට, වයි.බී.ක්‍රිෂාන්ත මහතා නුගේගොඩ සිට මහනුවරට, ඒ.එච්.නිශ්ශංක මහතා පොලිස් අණදෙන මැදිරියේ සිට රත්නපුරට මාරුවීම් ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන හේතුවක් නිසා මේ විදියේ ස්ථාන මාරු සිදු කරනවාද කියලා මට නම් තේරුම් ගන්න බැහැ. එක තැනක වැඩ බාර අරන් පුටුව, මේසේ අස් කරන කොටම වෙන තැනකට මාරුවක් ලැබෙන තත්වයක් යටතේ පොලිසියේ රාජකාරි කටයුතු අඩාලවෙනවා කියන එක අහන්නත් දෙයක්ද?