IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


‘පොලිස්පති පුජිත් සිටිනතුරු නාලක සිල්වා ගැන නිවැරදි පරීක්ෂණයක් නෑ‘

(විනීතා එම් ගමගේ)


පොලිස්පති පූජිත් ජයසුන්දර සිටින තුරු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහිව ඇති චෝදනා පිළිබඳ නිවැරදි පරික්ෂණයක් සිදුවේයැයි බලාපොරොත්තු විය නොහැකි යැයි පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය. 


නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, පොලිස්පති පූජිත සමඟ පවතින අතිශය සමීප සම්බන්ධතාවය මේ වන විට ඔප්පු වී ඇති බවත් ඒ සඳහා ප‍්‍රබල සාක්ෂි පහක්ම ඇති බවත් හෙතෙම කියා සිටියේය.


 මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ අද (25) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද පැවැසීය.


‘‘පළමුවෙන්ම, නාලක ද සිල්වාට කූට ලේඛන චෝදනා එල්ල වන විට කොටි ත‍්‍රස්තවාදින් නිදහස් කිරීම පිළිබඳ චෝදනා එල්ල වන විට, භික්ෂුන් වහන්සේලාට පා පහර දීම පිලිබඳ චෝදනා එල්ල වන විට, ආදි සෑම අවස්ථාවකම නාලක ද සිල්වාව බේරා ගත්තේ පොලිස්පති විසිනුයි. 

 
දෙවනුව, ජනපති ඝාතන කුමන්ත‍්‍රණය ගැන චෝදනා එල්ල වන විට පොලිස්පතිගේ ප‍්‍රතිචාරය වුණේ මොකද්ද? නාලකට පොලිසියේ හතුරන් ඉන්නවා.  මේක ඒ අයගේ වැඩක් වෙන්න පුළුවන්. තෙවනුව, ඝාතන කුමන්ත‍්‍රණයේ ප‍්‍රබලතම සාක්ෂියක් වු හඬ පටය පරීක්ෂාවට ලක් කිරීමටත් කලින් ඒක ව්‍යාජ හඬ පටියක් යැයි පොලිස්පතිවරයා පවසනවා.


සිව්වෙනුව, ඉහළ නිලධාරියෙකුට මෙවැනි චෝදනාවක් එල්ල වුණාම කළ යුතු පළමු දේ තමයි ඔහුව වැඩ තහනමට ලක් කරන එක.  ඒ ඔහුට පරීක්ෂණ කටයුතු වලට බලපෑම් කරන්න පුළුවන් නිසා.  නමුත් ඒ වෙනුවට කලේ ඔහුව වෙනත් අංශයකට මාරු කරලා බේරා ගන්න පුළුවන් ද කියා බලන එක.  අපි තදින්ම බලපෑම් කළාට පස්සේ තමයි ඔහුගේ වැඩ තහනම් කලේ.


පස්වෙනුව, ඔහුට ආශිර්වාද කරලා පවත්වපු බෝධි පූජාවට ඔහුත් සමග පොලිස්පතිත් සහභාගි වුණා.  ඒක සංවිධානය කලේ පොලිස්පතිගේ උපදෙස් මත කියලාත් අපිට ලැබී තිබෙන නිල නොවන තොරතුරු වලින් කියවෙනවා.


මේ කාරණා පහම එක්ව ගත් විට පොලිස්පති තනතුරේ පූජිත ජයසුන්දර මහතා සිටින තුරු නාලක සිල්වාට එරෙහිව  නිවැරදි පරීක්ෂණයක් සිදු වෙන්නේ නෑ කියන එක පැහැදිලියි.‘ 
 
 
 

 



අදහස් (4)

‘පොලිස්පති පුජිත් සිටිනතුරු නාලක සිල්වා ගැන නිවැරදි පරීක්ෂණයක් නෑ‘

ජයරත්න Tuesday, 25 September 2018 10:34 AM

දැන් ඔය මරනවා කියපු කතාව හඬ පටයෙන් එයාම මැකුව කියල නාමල් කුමාර කියනවා නේද? එතකොට මෙච්චර නටන්නේ ලොකු පචයක් අල්ලගෙන නේද? මේ ආණ්ඩුව කාලේ එක මිනිහෙක්වත් රාජ්‍ය හස්තයෙන් මිය ගොස් නැහැ. ඒක ඉවසන්න බැරි කමට කුමන්ත්‍රණ න්‍යාය දාගෙන කෑගහනවා.

:       133       244

Saththaya Tuesday, 25 September 2018 11:28 AM

මන් හිතන්නේ පොලිස්පති තුමා මේ ගොල්ලෝ කියන දේවල් කරන්නේ නැහැ වගේ.

:       0       536

Lakmal Wednesday, 26 September 2018 01:14 AM

මුලින් පක්ෂයක් හදාගෙන තනියම පාර්ලිමේන්තු එන්න.

:       0       8

Sapumal. Wednesday, 26 September 2018 02:07 AM

කරුණාකර රහස් පොලීසියේ පර්යේෂණ වලට අත දාන්න එපා. නාමල් නිවැරදියි කියලා තවම ඔප්පුවෙලා නැහැ. රජයේ වැරදි අඩුපාඩු ඇති.ඒත් දැන් ඒ කාලයේ තිබුනාට වඩා නීතිය හොඳයි නේද ? ඒ නිසා මෙහි සුල මුල නිවැරදිව රහස් පොලීසිය සොයා ගන්නා බව අපගේ විශ්වාසයි.

:       34       225

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 86 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 925 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2544 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site