(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
පලාගල ප්‍රාදේශීය සභා ඉතිහාසයේ පළමුවරට එහි සභික ධුරයක් සඳහා භික්ෂුන් වහන්සේ නමක් පත්ව ඇත.
මෙලෙස තේරීපත්ව ඇත්තේ පලාගල ප්‍රාදේශීය සභාව සඳහා අංක 05 දානියගම කොට්ඨාසයෙන් පොදුජන පෙරමුණෙන් තරඟ කළ පූජ්‍ය කලෝගහඇල සාරානන්ද හිමියෝය.
පලාගල කිරිඳිවත්ත බෝධිමළු විහාරස්ථානයේ විහාරාධිපති ධුරන්ධර උන්වහන්සේ මානව හිතවාදී ගෞරව නාමයෙන් පිදුම් ලබා සිටින සමස්ථ ලංකා සාම විනිසුරුවරයෙකි.
පලාගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධූරයක් සඳහා භික්ෂූන් වහන්සේ නමක් මැතිවරණයට ඉදිරිපත් වූ හා තේරී පත්වූ ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.

COMMENTS
පෞද්ගලිකව මමනම් මේවට කැමති නෑ.
පුජ්‍ය පක්ෂය දේශපාලනය කිරිමට මම විරුද්ධයි.. එ් අය මධ්‍යස්ථව මිනිසුන්ගේ හිත් නිවන්න ඕනෑ අයයි.
විපරිත කුරුල්ලෝ උඩු බුරති, සුනඛයින් සැවුල් නද දෙති, ගවයින් සිංහ ගර්ජනා කරති, සිංහයන් තණ බුදිති.... අනේ හාමුදුරුවනේ මේවා අතහරින්න..!!!
ගිහියන්ට අනුශාසන දීම මිසක් තනතුරු ගැනීම විනයට පටහැනියි. මට හිතෙන්නේ ගිහියන් මොවුන්ට ඡන්දය දීම හෝ අනුබල දීම පාපයක් කියලයි.
නිවනට මග.
නොමග ගිය ලාංකීය දේශපාලන නාටකයට නියම වීරයින් පැමිණ සධාචාරය ක්‍රියාත්මක කිරීම කාලොචිතාවේ. පසුව නිවන් මග දෙසන්න. දැන් මාර්ගය පිරිසිදු කරන්න. මේ රට නියම හිමි කරුවන් ඔබ වහන්සේලා පමණි. සුවපත් වේවා.
තනතුරු නම් අනතුරු එද රජමැති තනතුරු විසකුරු අනතුරු ලබා දිවි පැවිදි පිවිතුරු කුමට වැටෙන්නෙ ද සසරට බියකරු
අම්මෝ... පොහොට්ටුවෙන් නේද.? අනේ, පරණ නඩේමනේ...