සුමතිපාල දීයගහගේ
හෙරොයින් ළඟ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන හික්කඩුව පොලිසියේ රඳවා සිටියදී පොලිස් අත්අඩංගුවෙන් මිදි පලා ගොස් සිටි කාන්තාව අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලිසිය පවසයි.
මෙම කාන්තාව හික්කඩුව කලුපෙ පදිංචි 40 හැවිරිදි ‘කුඩු සුද්දි’ නමින් හඳුන්වන අයෙකි.
ගාල්ල මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් පසුගිය 29 වැනි දා හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 600 ක් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට රැගෙන යෑම සඳහා මෙම සැකකාරිය හික්කඩුව පොලිසියේ රඳවා සිටියදී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් තිබිණි.
සැකකාරිය පලා යෑම සම්බන්ධයෙන් හික්කඩුව පොලිසියේ පොලිස් පරික්ෂකවරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේද වැඩ තහනම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd