IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘පෙරහර නරඹන්නට පැමිණෙන සැදැහැවතුන් බියක් ඇතිකරගත යුතු නැහැ‘

( චමිල් රූපසිංහ)
 
ඇසළ පෙරහර නැරඹීම සදහා පැමිණෙන සැදැහැවතුන් කිසිදු සැකයක් බියක් ඇති කරගත යුතු නැතැයි  ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පවසයි.
 
ආරක්ෂක ලේකම් ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ මහතා අද  (04) මහනුවරට පැමිණ දළඳා වහන්සේ වැද පුදා ආශිර්වාද ගෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂක කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී දළදා මාලගාවේදී පැවැති රැස්වීමකදී ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
 
 දළඳා පෙරහැර නැරඹීම සදහා දේශිය බැතිමතුන් මෙන්ම  විදේශිය සංචාරකයන්  ද බහුලව පැමිනෙන බවත් මෙහි ආරක්ෂාව සදහා ජනාධිපති අග්‍රාමාත්‍ය තුමාගේ උපදෙස් මත ත්‍රිවිද හමුදාව ඇතුලු ආරක්ෂක අංශ ආරක්ෂාව සදහා යොදවා ඇති අතර ඒ සදහා ජනතාවගේද නොමසුරු සහයෝගය ආරක්ෂක අංශ වලට ලබා දිය යුතු බවද ආරක්ෂක ලේකම්වරයා පැවසිය.
 
ඇමරිකානු තානාපති කාර්යාලය මගින් ආරක්ෂාව සම්බන්ධයෙන් කළ අවවාදාත්මක නිවේදනය දීර්ඝ නිවාඩුවක් හෝ උත්සව අවස්ථාවක් පවතින මොහොතක එරට සංචාරකයින්ට සාමාන්‍යයෙන්  නිකුත් කරන ලියවිල්ලක් මිස එය ශ්‍රීලංකාව මූලික කරගනිමින් නිකුත් කරන ලද්දක් නොවන බව එම  තානාපති කාර්යාලය මගින් දැනුම් දුන්නේ යැයි ද සමාජ මාධ්‍යය මගින් මෙම නිවේදනය ප්‍රචාරය කිරීමත් සමඟ මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් හා තර්ජනයක් පවතින බවට ජනතාව තුළ යම් සැකයක් ඇතිවූ බවත් මේ නිසා එය නිකුත් කළ පාර්ශවයෙන් කරුණු විමසා අදාළ තොරතුරු තහවුරු කරගත්  බව ආරක්ෂක ලේකම්වරයා පැවැසිය.
 
 මෙරට ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීමට ආරක්ෂක අංශ මේවන විට පියවර ගෙන තිබෙන බවත් මෙම නිවේදනය ඇමරිකානු තානාපති කාර්යාලය මගින් සාමාන්‍යයෙන් වරින් වර නිකුත් කරනු ලබන එකක් වුවත් ඒ ගැන ආරක්ෂක අංශ ඉතා සැලකිල්ලෙන් කරුණු සොයා බැලූ බවද ආරක්ෂක ලේකම්වරයා සදහන් කළේය.
 
 මේ ආකාර නිවේදන සුළුවෙන් තකා බැහැර කිරීමට ආරක්ෂක අංශ කිසිවිටෙකත් කටයුතු නොකරන බවද ආරක්ෂක ඇමැතිවරයා ලෙස ජනපති තුමන්ද මේ පුවත ගැන තමන් ගෙන් විමසූ බවත් ජනතා ආරක්ෂාව තහවුරු කිරීම පිණිස උපරිමයෙන් කටයුතු කරන ලෙස දැනුම් දුන් බවද ආරක්ෂක ලේකම් ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සදහන් කළේය.



අදහස් (3)

‘පෙරහර නරඹන්නට පැමිණෙන සැදැහැවතුන් බියක් ඇතිකරගත යුතු නැහැ‘

ඇත්ත සත්‍යපාල Sunday, 04 August 2019 09:26 AM

ඒක ඇත්ත. මොනවා හරි වුණාට පස්සේ කොමිසමක් දාලා අවුරුද්දක් විතර ඇදගෙන ගියාම ප්‍රශ්නය ඉවරයි.

:       123       30

anura Sunday, 04 August 2019 01:43 PM

නිකන් බොරු පුරාජේරු කියන්නේ නැතිව ජනතාවට කියන්න තියෙන පණිවිඩය අවධානයෙන් සිටින්න යන්නයි. මට මතකයි ටික කලකට පෙර ඇමෙරිකාවේ මැරතන් ධාවන තරඟයකදී කුඩා බෝම්බයක් ත්‍රස්තවාදියෙක් පුපුරවාගෙන මනුෂ්‍ය ඝාතනයක් කළා. සෙනඟ විශාල ලෙස එක් රැස් වන ස්ථානවල කොයිතරම් කිව්වත් අතපසු වීම් සිදුවීමට ඉඩ තියෙනවා. එය ත්‍රස්තවාදීන් උපයෝගී කරගන්නවා...

:       0       1

KumarSunday, 04 August 2019 04:56 PM

ඔබ කියන කතාව ඇත්ත. ඇමෙරිකාවේ මේ සතිය ඇතුළත ත්‍රස්ත ක්‍රියා තුනක් තිබුණා. ඊයෙම දෙපොලක වෙඩි තැබීම් දෙකක් සිදුවුණා 29 දෙනෙකුට ජිවිත අහිමි වුණා. ඔය සිද්ධීන් නිසා බයේ ජීවත් වෙන්න පුළුවන්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31199 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13361 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10970 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 69 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 904 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 270 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site