
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
අලි ඇතුන් හා සම්බන්ධ ජාතික සැලැස්මක් සකස් කරන ලෙසත් ,හබරණ ප්‍රදේශයේ සිදු වන අලි මරණ සම්බන්ධයෙන් වගකිවයුත්තතන් වහා අත්අඩංගුවට ගෙන , ඒවා සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශනය කරන ලෙසට වනජීවී අධ්‍යක්ෂවරයා, පරිසර අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ලබන ඔක්තෝබර් 15 වැනිදා සලකා බැලීමට නියමිතය.
ඒ අනුව මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි දන්වා යවන්නැයි අභියාචනාධිකරණය එම පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දෙන ලදී.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම ඉකුත්දා සලකා බැලිණි.
පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් , පරිසර අමාත්‍යවරයා , පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේ රටේ පවතින නීතියට අනුව අලි සම්බන්ධයෙන් කළමනාකරණ සැලැස්මක් සැකසීම පරිසර අමාත්‍යවරයාට හා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පැවතියද , එවැනි සැලැස්මක් සැකසීමට ඔවුන් කටයුතු නොකරන බවය.වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 68 (අ) වගන්තිය ප්‍රකාරව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට කටයුතු කළ හැකි බවත් , ඒ අනුව පරිසර අමාත්‍යවරයාගෙන් විමසා ජාතික සහ පාරිසරික ප්‍රතිපත්ති හා උපමාන වලට අනුකූලව වන ජීවීන් හා ඔවුන්ගේ වාස භූමි , ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා සැලසුම් සකස් කළ යුතුව තිබුණද ඔවුන් එම වගකීම් පැහැර හැර ඇතැයි පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සම මඟින් පෙන්වා දේ.
එබැවින් වර්තමානයට ගැලපෙන ලෙසින් අලි ඇතුන් හා සම්බන්ධ ජාතික සැලැස්මක් සකස් කරන ලෙසත් ,හබරණ ප්‍රදේශයේ සිදු වන අලි මරණ සම්බන්ධයෙන් වගකිවයුත්තතන් වහා අත්අඩංගුවට ගෙන , ඒවා සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශනය කරන ලෙසට වනජීවි අධ්‍යක්ෂ ජනරාල් , පරිසර ඇමති සහ පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ද පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමෙන් ඉල්ලා සිටි.
පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් රවින්ද්‍රනාත් දාබරේ , සවන්ති පොන්නම්පෙරුම , නිල්මල් වික්‍රමසිංහ යන නීතීඥවරුන් පෙනී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
549
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම සලකා බැලීම 15දා