
(පුෂ්පකුමාර මල්ලවආරච්චි, ටී.කේ.ජී.කපිල සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආඬිඅම්බලම දැවමොහොට්ටාව ප්‍රදේශයේදී රථ වාහන පොලිස් නිලධාරින්ගේ පිස්තෝල අවියක් උදුරා ඔවුන්ගේ සහායට පැමිණි තවත් පොලිස් නිලධාරියකුට වෙඩි තබා පිස්තෝලය ද රැගෙන යතුරු පැදියක නැගී මත්කුඩුලෝලියකු බව පලාගොස් ඇතැයි කටුනායක පොලිසිය කියයි.
පොලිස් නිලධාරියගේ පාදයකට වෙඩි වැදී ඇති අතර ඔහු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව ද පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කටුනායක පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරියකු බව පොලිසිය කියයි.
රථ වාහන පොලිස් නිලධාරීන් දෙදෙනකු යතුරුපැදියෙන් ආඬිඅම්බලම දැවමොට්ටාව ප්‍රදේශයේ සංචාරයේ යමින් සිටියදී මත්කුඩු සඟවා ඇති ස්ථානයක් පරීක්ෂා කරමින් සිටි පුද්ගලයකු දැක ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
ඒ අවස්ථාවේ මත්කුඩු ලෝලියා පොලිස් නිලධාරීන් දෙදෙනා සමග පොර බදන්නට පටන්ගෙන ඇති අතර එය දුටු ප්රදේශවාසියකු ඒ බව ඊට ආසන්නයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් පිරිසකට දැනුම් දී ඇතැයි කියති.
මේ අවස්ථාවේ පොලිස් නිලධාරියකු යතුරුපැදියෙන් එම ස්ථානයට ගමන් කර ඇති අතර එම නිලධාරියා දැකීමෙන් පසු මත්කුඩු ලෝලියා රථවාහන පොලිස් නිලධාරියකුගේ පිස්තෝලය උදුරාගෙන සහායට පැමිණි නිලධාරියාට වෙඩි තබා පිස්තෝලය ද රැගෙන යතුරු පැදියක නැගී පලා ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd