IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය එළිදකි

හර්ෂණ තුෂාර සිල්වා

රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය එළැඹෙන අගෝස්තු (9) වැනිදාට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු බව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු නිහාල් වික්‍රමසූරිය මහතා අද (14) පැවැසීය. 

මේ වනවිට එම මාර්ගෝපදේශ කෙටුම්පත ගැසට් කර ඇති බවත් අදාළ මාර්ගෝපදේශ ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති බවත් වික්‍රමසූරිය මහතා කීය. රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සම්බන්ධයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (14) පැවැති මාධ්‍ය හමුවකදී  වික්‍රමසූරිය මහතා එම කරුණු කීය.

ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති අදාළ මාර්ගෝපදේශ ජනාධිපතිවරයාගේ අධ්‍යයනයෙන් පසු අග්‍රාමාත්‍යවරයාට යවන බවත් ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවත් හෙතෙම කීවේය.  

මෙම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පසුගිය මැයි 9 වැනිදා අංක 2070/15 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මාර්ගෝපදේශ අද (14) කතානායක කරු ජයසූරිය මහතාට නිල වශයෙන් බාර දුන් බව ද සභාපතිවරයා කීවේය. 

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යනු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කළ කොමිෂන් සභා නවයෙන් එකක් බව සඳහන් වික්‍රමසූරිය මහතා මේ නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ අත්පොත් කාර්යක්ෂම, ඵලදායී ආර්ථිකයන් සහ සමානාත්මතාවයෙන්, විනිවිදභාවයෙන් සහ සාධාරණ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලී ඉලක්ක කරගෙන සකස් කර ඇති බව ද කීය.

 

 



අදහස් (0)

ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය එළිදකි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 325 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 354 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1287 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site