(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට වාහන බලපත‍්‍ර අනවශ්‍ය යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
වාහන බලපත‍්‍ර නිකුත් කිරීම රජයට දරා ගත නොහැකි බවත් බලපත‍්‍ර තාවකාලිකව නතර කිරීමටද එය හේතු වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේද කීවේය.
‘‘අපි වාහන බලපත‍්‍ර තාවකාලිකව නැවැත්තුවා. මන්ත‍්‍රීවරුන්ගේ බලපත‍්‍ර නැවැත්තුවේ සියලූම මන්ත‍්‍රීවරුන්ට බලපත‍්‍ර දුන්නට පස්සේ කියලා මෙතනදි අපිට සියලූ දෙනා බනින්න ගත්තා.
ඔව් ඒ වෙනවිට ගොඩක් අය බලපත‍්‍ර අරන් තිබුණා. නමුත් අනික් පැත්තෙන් මන්ත‍්‍රීවරුන්ට බලපත‍්‍ර දිපූ පලියට ඒවා නවත්තන්නේ නැතුව අනික් ඒවා නැවැත්තුවානම් මේ අය එතකොට අහන ප‍්‍රශ්නය ගැන පොඞ්ඩක් හිතලා බලන්න.
මගේ නම් හැඟීම මේ වාහන බලපත‍්‍ර අවශ්‍ය නැහැ කියන එක. ඒ නිසා තමයි ඊයේ පෙරේදා උතුරේ මහ ඇතිතුමාගේ වාහන බලපත‍්‍රය කැබිනට් එකට ආපු වෙලාවේ නවත්තන්න සිද්ධ වුනේ.
මේ අවුරුදු දෙක ඇතුළත අලුත් මන්ත‍්‍රීවරයෙකු ආවත් ඒක ලැබෙන්නේ නැහැ. මේක නීතියක් විදියට ගේන්න අපිට සිද්ධ වුනා‘‘ යැයි අමාත්‍යවරයා එහිදී පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඕක මාස 6 කට නවත්වලා වැඩක් නැහැනේ, පාර්ලිමේන්තුව පත් වුනේ 2015 දී පසුගිය අවරුදු 3 තුල ඔක්කොම ඕවා අරගෙන ඉවරනේ, පුලුවන්නම් ඔය බලපත්‍ර වලට සීමාවක් පනවන්න, ඩොලර් 35000 කට වැඩි වටිනාකමක් තිබෙන ඒවා ගෙනෙන්න බැහැ කියලා. ඔය අවරුදු 5 හේ සිමාව අවරුදු 8 හෝ 10 දක්වා ඉහල දමන්න
ඇත්තටම මොකටද ඇමතිවරුන්ට මන්ත්‍රිවරුන්ට සැප වාහන. ඕවයින් ගිහින් ජනතාවට අවශ්‍යතා ඉටුකරනවා නම් දුන්නට කමක් නැහැ. එක්කෝ පුතා දුව නෝනා තමයි ඕවා පාවිච්චි කරන්නේ. තමන්ගේ පුද්ගලික සුඛ විහණය වෙනුවෙන්. අපිත් අනුමත කරන්නේ නැහැ වාහන දෙන්න ඕන කියලා.
මේ අය තමුන්ට ඕනේ ඔක්කොම වරප්‍රසාද අරගෙන දැන් කියනවා වාහන බලපත‍්‍ර අනවශ්‍යයි කියා. පුදුමේ කියන්නේ තාමත් මේ අය හිතාගෙන ඉන්නේ රටේ මිනිස්සු ඔක්කොම කොන්ඩේ බැඳපු චීන්නු කියලා.
සේරම ගත්තයින් පසු දැන් කියනවා අවශ්‍ය නැහැ බව.
රජයේ සේවකයින් ඇතුළු මැති ඇමතිවරුන්ට වාහන බලපත්‍ර දීම නවතා දමන්න. රාජකාරිය කරන්න නිල වාහන දෙන්න. පෞද්ගලික පාවිච්චියට වෙළඳපොලේ මිලට වාහන ගන්න.
දැනට තියන සියලුම වාහනවලට බලපත්‍ර දෙන එක නවත්වල තව ටිකකලකින් අර අලුතින් සොයාගත් පියාඹන කාර්වලට විතරක් බලපත්‍ර නොදුන්නොත් තමය පුදුමය.
රජයේ සේවකයින්ට වාහන බලපත්‍ර දීම නවතා දමන්න. ඔවුන් වගේම හෝ ඊටත් වැඩියෙන් වැඩ කරන පෞද්ගලික අංශයේ සේවකයෝ මේ රටේ ඉන්නවා ඔවුනුත් වැඩ කරන්නේ රට වෙනුවෙන් තමයි අඩුම ගානේ විශ්‍රාම වැටුපක්වත් නැතුව ...
සියළු දෙනාට වාහන බලපත්‍ර නවත්වන්න. වාහන ලබා ගන්න සහනදායි ණයක් දෙන්න. මේක කරන්න අමාරු බව දන්නවා. මොකද රාජ්‍යය සේවකයෝ වැඩ වර්ජන කරාවි.
අනේ ආපු දා ඉදල අඩවැඩියාවම තමයි. මුන්ට වාහන දෙන්න කියල හරියට අපි කියල වගේ කථාව. ඔක්කොම එවුන් ගත්තට පස්සේ නවත්තල ලොකු ගේමක් දුන්න වගේ කථාව. නැති බනෙයි බැරි බනෙයි විතරයි මුන්ගෙ කටෙි තියෙන්නේ. කම්මැලිකමට මේ රටේ වවන්න පුළුවන් දේවලුත් පිටරටින් ගෙනත් කකා ඩොලරයට විරිත්ත විරිත්ත මිනිස්සුන්ට දෙන සහන කප කප බදු වැඩි කර කර හාල්පාරුවො ටික ලෝකෙ වටේ කරක් ගහනවා. ඔයතරමට දේශ හිතෛශීනම් ඔය 225 එවුන් ගත්තඒවා දීපල්ලකො ආපහු. අනික මුන්ට මේ වාහන බලපත්‍ර නෑ කියල කිසි පාඩුවක් නෑ ඒකෙන් ලැබෙන ගානත් අල්ලල ව්‍යාපෘතියකින් කොමිස් කුට්ටියක් ගිල්ලම බලපත්තරේ හම්බඋනත් එකයි නැතත් එකයි. තුක් නොදකින් අසමජ්ජාති. ඒ මදිවට මුන් හිතන්නේ අපි හරක් කියල.