ලබන වසරේදී සැලකිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් වයස අවුරුදු 70 ඉක්මවා යනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් දත්තවලට අනුව ලබන වසරේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකු වයස අවුරුදු 70 සම්පූර්ණ කරනු ඇතැයි ද ඒ අනුව පාර්ලිමේන්තුවේ සිටින වයස අවුරුදු 70 ඉක්මවූ සමස්ත මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 20 ඉක්මවනු ඇතැයි ද පැවසේ.
ඊට අමතරව මේ වසරේදී මන්ත්‍රීවරුන් තිදෙනකු වයස අවුරුදු 69ක් වනු ඇතැයි ද තවත් මන්ත්‍රීවරුන් සිව්දෙනකු වයස අවුරුදු 65ක් සම්පූර්ණ කරනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව වත්මන් පාර්ලිමේන්තුවේ කාල සීමාව අවසන් වන 2020 වසර වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නවයෙන් එකක් වයස අවුරුදු 70 සම්පූර්ණ කරනු ඇත.
වයස්ගත ජනගහනය වැඩිවීම ශ්‍රී ලංකාව හමුවේ තිබෙන ප්‍රධාන සමාජ ආර්ථික ප්‍රශ්නයකි. වසර 2010 දී ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් මිලියන 2.5ක් වැඩිහිටියන් වූ අතර වසර 2011 දී සමස්ත ජනගහනයෙන් අවුරුදු 60 ඉක්ම වූ පිරිස සියයට 12.5ක් විය. වසර 2025 වනවිට සමස්ත ජනගහනයෙන් සියයට 16.7ක් වනු ඇතැයි ද වසර 2041 වනවිට සමස්ත ජනගහනයෙන් සියයට 24.8ක් එනම් සමස්ත ජනගහනයෙන් හතරෙන් එකක් වයස අවුරුදු 60 ඉක්මවූවන් යැයි ද දත්ත වාර්තා සඳහන් කරයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුත්තිල කතාවේදී ගැටුමකින් තොරව දක්ෂ ගෝලයාවූ මූසිලට රජ වාසල ගාන්ධර්වකම පැවරීමට මහලු වියේ සිටි ගුත්තිල අදුරු තුමා කැමති වුවත් රජතුමාගේ මුග්ධ තීරණයක් නිසා වීණා වාදන තරඟයකට යාමට දුබල ගුත්තිලට සිදුවුනා. ඔහු කෙතරම් දුබල වීද යත් ශක්‍රයාගේ උපක්‍රමය වූ ගුලි 3 මත තමාගේ පැවැත්ම තීරණය කරන්න පෙළඹුනා. ගුත්තිල ජය ගත්තේ තමා දැන උගත් ශාස්ත්‍රයෙන් නොව ශක්‍රයාගේ උප්පරවැටියකින් බව දැන් කුඩා දරුවන් පවා දන්නවා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මහල්ලන්ගේ සංඛ්‍යාව වැඩිවනවා කියන්නේ ඊට සාපේක්ෂව තරුණ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවේ පහළ යාමකි. එදා ගුත්තිලට ශක්‍රයා දුන්නේ ඔහු ළඟ තිබු එකම ගුලි තුන නම් පාර්ලිමේන්තුවේ ඉහළ යන මහලු මැති ඇමති වරුන්ට අබම සරණයි!
රටේ බදු ගෙවන ජතාවට දෙවියන්ගේම පිහිටයි.
දොස්තර පෙරේරාගේ සුරංගනා කතාව හරිම රසවත් අනේ.
එහෙම නම් දැන් ඒකෙ නමත් ළඟදීම වෙනස් කරන්න වේවි. "දියවන්නා ඔය වැඩිහිටි නිවාස සංකීර්ණය" කියා නම වෙනස් කරමුද ? සමහර දරුවන් සිය දෙමාපියන් වැඩිහිටි හෝ මහළු නිවාස වලට ගෙනත් දමා යනවා ඔවුන් ගෙදර හිටියත් වැඩක් පලක් කරන්න බැරි නිසා. දැනට "දියවන්නාවේ මහ ගෙදර" ඉන්න සමහර අය ඔතැනට ගෙනත් දාපු ඡන්දදායකයන්ට තේරිලා තියෙනවා මේගොල්ලන්ට හරියට වැඩක් කරන්න බැරිබවත්, පින් පඩියක් වගේ "සොච්චම්" දීමනාවකින් ජීවිතේ ගැට ගහගන්න බැරි නිසා නිතරම මහජනයාට අතපාන හෙයින් ඔවුන් වැඩිහිටි නිවසකටම දමන එක වඩා සුදුසුය කියා !
යුරෝපයේ ආර්ථික වශයෙන් වැදගත්ම රටක් වන ඔස්ට්‍රියාවේ ජනාධිපතිගේ වයස අවරුදු 31 කි , ප්‍රංශයේ ජනාධිපතිත් ඔහුට වැඩිය වයසින් වසර කිහිපයකින් වැඩිමහල්ය. මොවුන් දෙදෙනාම උගත් පුද්ගලයන් වන අතර මෙයට පෙර මොවුන්ගේ පවුලේ සමාජිකය දේශපාලනය දී නැත. අපේ රට වසර 30-40 ඉඳන් පාලනය කලේ එකම සෙට් එකකි. වරෙක ඔවුන් ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද සිටිති. නවක මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුත් පිරිසක් මොවුන්ගේ දු දරුවෝය. එහෙම නැත්නම් ලඟම නෑයන්ය, අපේ රටේ ජනතාවගේ ජිවන තත්වය දිනෙන් දින පහත වැටෙන අතර පෙරකී රටවල මිනිසුන් යහතින් ජීවත්වෙති
සුවසැරිය ගිලන් රථ සේවාවේ දෙවැනි අදියර යටතේ ඉන්දියාවෙන් ලැබෙන ගිලන් රථ 209 ය වෙන කොහෙවත් යවන්න මහන්සි වෙන්නේ නැතුව පාර්ලිමේන්තුව කිට්ටුවෙන්ම ගාල් කර තියන්න තමා වෙන්නේ.
රටට වැඩකරන්න තියෙන්නේ පුදුම උනන්දුවක්. රටට දෙවියන්ගේම පිහිටයි.
ඉහල අධිකරණ විනිසුරුවන්ට හැර ( එයාලට 65දි විශ්‍රාම ගත යුතුයි ) රජයේ සියලු සේවකයන් අවුරුදු 55දි විශ්‍රාම යායුතු නම් රටේ දේශපාලඥයින්ටත් එම නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි????