(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තු සංකීර්ණයේ කඩිනම් අලූත්වැඩියාවක් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකර ඇත්තේ 1982 වසරේදී වන අතර ගතවූ වසර 35ක කාලය තුළ එහි ප‍්‍රධාන අලූත්වැඩියාවක් කිසිවක් කර නොමැති බව සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
එබැවින් එහි කඩිනමින් කළ යුතු බවට හඳුනාගෙන ඇති අලූත්වැඩියා කටයුතු කිරීමට තීරණය කෙරුණු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එම අලූත්වැඩියාවන් සිදුකිරීම සඳහා අවශ්‍ය උපදේශක සේවාව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ නිර්දේශය ද සළකා නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් ඉටුකරගැනීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ද මෙහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දෙය අලුත්වැඩියා කලත් හොරහිත් එමෙන්ම මහජන දේපොළ විනාශ කරන ගති පැවතුම් වලින් තම මනස පරිපුර්ණවූ මඩුවකට මොන අලුත්වැඩියවන්ද ?
ඔය එක්කම ඇඳන් ටිකකුත් ඕඩර් කරානම් හරි.... පුටු ටිකක් අඩු කරලා...
මේකට වියදම් කරන සල්ලිත් අපරාදේ. මේකේ ඉන්නේ බාගෙට භාගයක් හොරු සහ රටට වැඩක් නැති අයනේ.
අර කොලනි හිඟන්නෝ ඉන්න තැනද?
හිතා මතාම අවශ්‍ය නඩත්තු කටයුතු නොකර හිටියේ වසර 10 කට වඩා කාලයක් රට කරපු රාජපක්ෂ රෙජීමය නොවේද? ඔහොම ගිහින් එය පොළොවට පහත් උනා නම් කාගේ හෝ ඉඩමක් බලෙන් අල්ලාගෙන, චීනට වැඳලා යාප්පු වෙලා, අලුත් පාර්ලිමේන්තුවක් හදවාගෙන, ලොක්කගේ නම ගහපු බෝඩ් ලෑල්ලක් එල්ලගන්නයි කල් මැරුවේ. ඒක නුලෙන් මිස් උනා නේද?