(ක.ග.කරුණාරත්න සහ නිමල් ජයරත්න)
පෙරිය ආරු ගඟේ තුම්මෝදර ප්‍රදේශයේදී දියේ ගිලී මියගිය අලින්ගේ ගණන 09 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී නිලධාරීහු කියති.
අලින් 08 දෙනෙකුගේ මළසිරුරු මීට පෙර හමුවූ ස්ථානයේ බහුලව වැවී තිබෙන ජපන් ජබර ඇතුළු ජලජ ශාක ඉවත් කිරීමේදී මියගිය අලි පැටවකුගේ මළසිරුරක් අද (05) හමුවූ බව පොළොන්නරුව කලාපය බාර වන ජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඩී.එම්.ජේ වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
අද (05) හමුවූ අලි පැටවා අවුරුදු 02 ක් පමණ වය සැතිය.මීට පෙර මළසිරුරු හමුවූ අලි රංචුවටම අයත් පැටවෙකු බවට විශ්වාස කරන බව වික්‍රමසිංහ මහතා පැවසීය.
ඇතැම් විට මිය ගිය තවත් අලින්ගේ මළසිරුරු මේ ජලජ ශාක අතරේ සැඟවී තිබෙන්නට ඉඩ ඇති බවට වනජීවී නිලධාරීහු සැකකරති.
පෙරිය ආරු ගඟේ තුන් මෝදර ප්‍රදේශයේ ජලජ ශාක ඉවත් කිරීම තව දුරටත් අඛණ්ඩව සිදු කෙරෙන බව වන ජීවී සහකාර අධ්‍යක්ෂ වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පැවසීය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙරියාරු ගඟේ එරී මිය ගිය අලින්ගේ ගණන 9 දක්වා ඉහළට
ඇත්ත සත්‍යපාල Wednesday, 05 September 2018 08:04 PM
සාමාන්‍යයෙන් අලියා බුද්ධිමත් සතෙක්. අනතුරක් හදුනාගෙන එයින් මිදීමට තරම් හැකියාවක් ඔවුනට තිබෙනවා. මා විශ්වාස කරන්නේ අලි වෙඩි දැමීම මගින් ඔවුන් කලබලයට පත්වීම නිසා පලායාමට කල උත්සාහයකින් මෙවැනි අනතුරකට ලක් වන්නට ඇතිද කියා.