Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 මාර්තු මස 20 වන සඳුදා
(ඩයනා උදයංගනී)
පසුගිය මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (8) දිවුරුම් දුන්නේ ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා දැනට මරණ දඬුවම නියමව රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අතර අද පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට මන්ත්‍රීවරයා බන්ධනාගාර ආරක්ෂාව යටතේ පැමිණියේ ය.
ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රීවරයකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමේ අවස්ථාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරු කළු පැහැති සාටක පැළඳ සිය විරෝධය පළ කරනු දක්නට ලැබිණි.
( ඡායාරූප - ළහිරු හර්ෂණ )
indika Tuesday, 08 September 2020 08:42 AM
69 බලාපොරොත්තුවුණු දේවල්ද මේ? තවත් දේවල් ඉදිරියේදී අසන්නට ලැබෙයි. අහෝ රටට වෙන්න යන දෙයක්..
Reply : 8122 6661
Raveendra Tuesday, 08 September 2020 09:55 AM
සුදුවත කමලින් වතුසුදු මල්මෙන් සැරසුනත් අපි..... අසුචි ඇග පිරි ක්‍රෝධය ගත පිරි සතුටින් අපි..... මෙවරත් දිනුවේ කව්රුන්ද විමසුවොත් අපි..... නිවනක් නැත කිවිසුම් යන හැටි.....
Reply : 1807 1524
පුරවැසියෙක් Tuesday, 08 September 2020 09:25 PM
“ඇත්තටම මට මේ රට ගැන හරිම කලකිරීමක් දැනෙනවා. මම සැමියගේ මරණය සම්බන්ධ මේ නඩු තීන්දුව දෙන වෙලාවේ ඒක අහගෙන හිටියා. ඒකේ ඔවුන්ට තිබුණු චෝදනා එක එක කියවා දඬුවම් නියම කළා. මරණ දඬුවම විතරක් නෙවෙයි වසර ගාණක් හිරගත වීමත් මේ දඬුවම තුළ තිබෙනවා. අපි හිතුවා මේ ජනාධිපතිතුමා ආවමවත් මේ රට යහපත් රටක් වෙයි කියලා. ඒත් මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන තරමට අපේ රට පිරිහිලා. මේ සිද්ධියේදී මගේ මහත්තයා මැරුණා. තවත් දෙන්නෙක් තුවාල වුණා. කොච්චර බරපතල සිද්ධියක්ද? මට මුළු ලංකාව ගැනම ලොකු කලකිරීමක් ඇතිවුණා. ඒකේ වේදනාව තියෙන්නේ අපට. අපි අහිංසක මිනිස්සු. අපටත් හිතක්, පපුවක් තියන අය. වුණේ මොකක්ද කියලත් රටම දන්නවා. නීතියෙන් මොන දේ වුණත් මේවා කරපු අයගේ හෘද සාක්ෂියට මොන සාක්ෂියක්වත් හංගන්න බැරිවේවි. අපි දුක්වෙනවා. ඉවසීම සහ කලකිරීම හැරෙන්න වෙන දෙයක් හිතෙන්නේ නෑ. කොහොම ජයපැන් බිව්වත් මේ කරපු අයට දිට්ඨධම්මවේදනීයව මේ ආත්මේදීම කර්මය පළදෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවී කෙරෙන අසාධාරණ සමාජ ක්‍රමයට විරුද්ධව සටන්කළ මාදුළුවාවේ සෝභිත හිමි නවතපු තැනින් පටන්ගෙන සමාජ සාධාරණය වෙනුවෙන් නායකත්වය දෙන්නට ඕමල්පේ සෝභිත හිමිට නොහැකි මන්ද?
0 65
ABC Tuesday, 08 September 2020 10:05 AM
නාම යෝජනා ලැබී ඇත්නම් ඡන්දය ලැබී ඇත්නම් අධිකරණයෙන් චෝදනා ලබා වරදකරුවකුවූ මිනිමරුවකු උවද පාර්ලිමේන්තුවේ සිටිය යුතුබව ඔහුගේ නිගමනය වේ. පාර්ලිමේන්තුවට පත්වූ පසු මන්ත්‍රීවරයකු චෝදනා වලට අදිකරණයෙන් වරදකරුවකු කළහොත් ඔහුත් පාර්ලිමේන්තුවේ සිටිය යුතුබව කතානායක වරයාගේ ප්‍රකාශයෙන් සපතවේ.
Reply : 1498 1815
nimal Tuesday, 08 September 2020 11:03 AM
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලා මේ ගැන කතා නොකරන්නේ මක්නිසාද? අධිකරණයෙන් වැරැදිකරුවන් වූ පුද්ගලයන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට සුදුසුද?
Reply : 6545 2286
nimal Tuesday, 08 September 2020 01:41 PM
සෑම දේකටම මැදිහත්ව පූජ්‍ය පක්ෂයේ නායක හිමිවරුන් නිහඬව ඉන්නේ මන්ද? රටේ මුරදේවතාවුන් කියන්නෙත් ඔබවහන්සේලාම නේද? රටේ උත්තරීතර පාර්ලිමේන්තුවක මිනීමරුවන් සිටිය හැකිද?
1565 1339
NIMAL Tuesday, 08 September 2020 06:16 PM
ආරම්භයට වඩා අවසානය ආරම්භයක් වන්නට පුළුවනි. රටේ ජනතාව ඡන්දය ලබාදුන්නේ වෙනසක් බලාපොරොත්තුව වුවත්, මෙවැනි ජනතා බලාපොරොත්තු බිඳවැටෙමින් තිබේ. දූෂිතයන්, මිනීමරුවන් පාර්ලිමේන්තු යවා කිරිබත් කන පක්ෂයක් බවට පොහොට්ටු පක්ෂය පත්ව ඇත.
59 127
ali Tuesday, 08 September 2020 11:33 PM
ගව ඝාතනය නැවතීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන පොහොට්ටු පක්ෂයේ නායකයන් මිනිස් ඝාතනයට මරණ දඬුවම නියමව සිරගතව සිටි චොකා මල්ලි පාර්ලිමේන්තුවට ගෙනැවිත් දිවුරුම් දීම වැළැක්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකළේ මන්ද?
Reply : 217 122
siri Tuesday, 08 September 2020 08:45 AM
කියලා වැඩක් නැහැ.
Reply : 1649 375
Perera Tuesday, 08 September 2020 08:46 AM
අභිනවයෙන් පත්වන අපේ මිනීමැරුම් කටයුතු පිළිබඳ ඇමැතිතුමාට සුබපැතුම්... ශ්‍රී ලංකාවට ජයවේවා..!!!
Reply : 1519 2145
Ashan Tuesday, 08 September 2020 08:47 AM
පැතූ වෙනස ලැබෙමින් තිබේ..
Reply : 1627 1844
විජිත් Tuesday, 08 September 2020 09:23 AM
කුණු තියෙන තැනට මලු කුණු එකතුවෙන්නේ. දැනටත් මිනීමරුවන් කීදෙනෙක් ඉන්නවද?.. සිල් මුහුණක් පැළඳගෙන දියවන්නාවේ භූත මන්දිරයේ ඉන්නවාද කියලා දන්නෝ දනිති. මගේ ගණන් බැලීම අනුව නම් 11 ක් ඉන්නවා. එකා 3දෙනෙක් මරපු අයත් ඉන්නවා. ඒ නිසා මේ එක මිනිහෙක් මරපු " අහිංසකයා " තවම පුරුදුවෙන්න L බෝඩ් එක ගහගෙනලු ඉන්නේ. හෙට අනිද්දා 20 සම්මත කළාට පස්සේ (කරගන්න පුළුවන් වුනොත්) මේ ගොල්ලන්ට " නඩු නැති අළුගෝසු " ඇමතිකම වුණත් දෙන්න ජනාධිපතිට බලය ලැබෙනවා. 69 ලක්ෂයක බයියන්ට හරි ජොලි ඇති නේද...? අපි බලාගෙන ඉන්නවා. 20 පැනගත්තොත්... ඔය 69 ලක්ෂයක් වන බයියන්ට තමයි අවුරුදු 5 පුරා හොඳට බඩකට පුරාම " පරිප්පු" කන්න වෙන්නේ. දැන් ඉතින් චොකා මල්ලි.. නීතිපතිට කොකා පෙන්නුවා වගේ හෙට, අනිද්දා උසාවියටත් කොකා පෙන්වලා.. බයිෆෝස් එකෙන් නිදහස් වේවි... බැරිවුණොත් ජනාධිපති සමාව...!!! මිනීමැරුවත් මැරුවේ නැහැ වගේ ඉන්න පුළුවන් එකම රස්සාව තමයි දියවන්නාවේ " ජරාව කන " ජොබ් එක. ලැජ්ජයි.. අපි චූටි කාලේ කොහොම තිබුණු වාසනාවන්ත රටක්ද? අද මේ අපායක් වෙලා තියෙන්නේ...
Reply : 1346 3017
සෑම් Tuesday, 08 September 2020 09:32 AM
පක්ෂේ වැඩි හරියක් අපරාධකාරයින්, මිනීමරුවන්... ඒ නිසා ඔය මිනීමරුවා ඔතනට වැඩි නැහැ. මිනීමරු ආණ්ඩු පක්ෂෙට ජයවේවා...!
Reply : 1429 3018
Ratne Tuesday, 08 September 2020 09:43 AM
නීතියෙන් මිනීමරුවකු ලෙස තීන්දු කරන ලද පුද්ගලයකු වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක් සහ අභියාචනාධිකරන තීන්දුවක්. ලැබූ ඡන්ද ප්‍රමාණයෙන් 10% මේ ආණ්ඩුව අහිමි කර ගැනීමක් මෙම තීරණය නිසා සිදු වනු නොඅනුමානය. යහපාළු ආණ්ඩුව වගේම මෙම රජයේ ආයු කාලය ද 2025 අවසන් වීමේ ලක්‍ෂණ පෙන්නුම් කිරීමක්.
Reply : 1419 2043
fairoos Tuesday, 08 September 2020 09:58 AM
මෙතුමාව පාර්ලිමේන්තු එවපු රත්නපුර ජනතාවට සුබපැතුම්.!
Reply : 2361 533
Raveendra Tuesday, 08 September 2020 11:06 AM
මෙතුමා යන උතුම් වචනයේ තේරුම ඔබ දන්නවද..? නීතිගරුක මිනිසුන්හට පමණක් සුදුසු බව දන්නවද...?
Reply : 0 203
fairoos Tuesday, 08 September 2020 01:07 PM
පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නකෝ... ‘‘මහතා‘‘ කියන්නේ කාටද කියලා?
3 17
අබිලින් Tuesday, 08 September 2020 12:30 PM
සබරගමුවේ මිනිසුන්ට මුහුණු දෙකයි කියලා අහල ඇතිනේද?
Reply : 0 118
Kumara Tuesday, 08 September 2020 10:13 AM
අනේ සුපර් මැන්ට ගිය කලක්.
Reply : 105 145
වජිර Tuesday, 08 September 2020 10:17 AM
හිතාගෙන හිටියේ මේ ආණ්ඩුව හරි පාරේ යයි කියලා! බලාන ගිහාම ඔක්කොම එකයි
Reply : 1304 2081
rohan Tuesday, 08 September 2020 11:08 AM
දැන් ඉතින් සියලු වර්ගයේ පාතාලයින් අන්තර්ගත බැවින්, මේ පාර්ලිමේන්තුව අංගසම්පූර්ණයි.
Reply : 1271 1446
pradeepa Tuesday, 08 September 2020 11:11 AM
ඕනම ජරා වැඩක් කළත්, ජනතාව කැමැති නම් ඔහුට හෝ ඇයට පාර්ලිමේන්තු ඒමට බාධාවක් නැත.
Reply : 397 480
Buddika Tuesday, 08 September 2020 11:21 AM
මේ ආරම්භය පමණයි. බොහෝ දේවල් ඉදිරියේදී දකින්න ලැබේවි. මේ මිනිස්සුන්ට බලය ලැබුණාම නීතියට, යුක්තියට ගරු නොකරන බව ආපු දෙනා සිටියත් 69 ලක්ෂයක් දැක්කේ නැහැ. මේ නිසාම අද මිනීමරුවන් පාර්ලිමේන්තුවට යනවා. දඬුවම් ලැබූවන් ළඟදීම නිදහස් වේවි.
Reply : 1256 1044
Saranapaaala Tuesday, 08 September 2020 11:29 AM
දැන් 2/3 ශේප්.. චොකාමල්ලි එල්ලනකම් ඕනම පනතක් උඩින්ම පාස්...
Reply : 408 147
Dinesh Tuesday, 08 September 2020 11:34 AM
දැන්වත් 69ට තේරෙනවද, කියන්නේ ලස්සන දෙවල්, කරන්නේ ගඳ ගහන දෙවල් කියලා... සැබෑ නායකයින් මෙසේ නොවේ...
Reply : 1227 2319
lanka Tuesday, 08 September 2020 11:47 AM
මේ මනුස්සයා හිතයටින් දිවුරන්නේ මොනවා කියලද දන්නේ නැහැ...
Reply : 450 111
LANKA Tuesday, 08 September 2020 12:05 PM
දැන් සැපයිද ඔබ සැමටම...?
Reply : 1214 626
amila Tuesday, 08 September 2020 12:09 PM
අවුරුදු 5ක් මේ විගඩම් බලන් ඉමු. වෙන මොනවා කරන්නද? 2/3 දුන්නනේ... මේවාට කතා කරන්න ගියොත් ඉතින් අපිට වෙන්නේ කිසිවක් නැතිව යන්නයි.
Reply : 1033 1069
Prabha Tuesday, 08 September 2020 12:40 PM
තීන්දුව දුන්නු නඩුකාරයත් අල්ලස් නඩුවක සැකකරුවෙක් නම්...
Reply : 665 365
priyantha Tuesday, 08 September 2020 12:57 PM
මගේ අදහස අධිකරණ තීන්දුව කවදාවත් වෙනස් කරන්න බැහැ. ඒක නීතියෙන් විසඳන්න ඕනෑ. නැතිව ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ.
Reply : 824 6602
බද්රානි Tuesday, 08 September 2020 02:15 PM
වැඩි සද්දයකුත් නැහැ. ඇදගෙන නාගෙනම හොඳට හෝදාගන්න එක කෝකටත් හොඳයි.
Reply : 757 76
තුසිත Tuesday, 08 September 2020 02:32 PM
බහුතරයකගේ මනාපය ලැබුනේ මෙවැනි පාලනයකටයි. හිට්ලර් වැනි ඒකාධිපති පාලනයක් ඉල්ලූ වහලුන්ට මෙවැනි දේ සතුටක්ම විය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී රටක උත්තරීතරම නීති සම්පාදනය කරන තැන මිනීමරුවන් සහ දූෂිතයන්ගෙන් පිරුණුකළ එවැනි රටක නීතිගරුක සමාජයක් ස්ථාපිත වේ යැයි බලාපොරොත්තු තබා ගැනීමත් මහා විහිළුවකි.
Reply : 697 1018
බද්රානි Tuesday, 08 September 2020 02:51 PM
සමාජයේ පොඩි මිනිසෙක් වරදක් කලාම "තැලෙන යකඩේ ආචාරියා උඩ පැන පන තලනවා සේ" සමාජයට අවවාද දෙමින්, ලොකු ලොක්කන්ගේ තුප්පහි වැඩ දැක්කාම මොනවද කියන්නේ?
Reply : 1952 804
Ratne Tuesday, 08 September 2020 06:01 PM
මීනීමරුවන් සහ කැලෑ පාළුවන් තුරුළු කර ගනිමින් ලාබාල ආණ්ඩුව විනාශ කර ගනීවි.
Reply : 0 137
විජේ Tuesday, 08 September 2020 09:33 PM
මිනීමරුවා මිනීමරුවාමයි...
Reply : 8 43
ranjith Tuesday, 08 September 2020 10:29 PM
රටටයන කලක්... අනාගත පරපුරට අපි බාරදිය යුත්තේ මෙවන් රටක්ද?
Reply : 44 85
මෝ Tuesday, 08 September 2020 10:46 PM
පාර්ලිමේන්තුව ගුබ්බෑයමක් වගේ වුණා. මේ මිනීමරුවාට ඡන්දයි, දුන්න අයටයි හෙන ගහන්න ඕනේ. අනාගතේදී හිරේ ඉන්න මරණ දඬුවමට යටත් හුඟ දෙනෙක් පාර්ලිමේන්තු ඒවි... මේ පුද්ගලයාත් නිදහස් කරාවි. පාර්ලිමේන්තුව හිරගේ වගේ වේවි. මෙදාපාරත් ජනතාවට, වැරදුණා.
Reply : 0 47
sharm warn Wednesday, 09 September 2020 04:36 AM
මේ අදහස් වලට කැමැත්ත අකමැත්ත දාලා තියෙන තාලෙන්ම බයියන්ගේ මානසිකත්වය පැහැදිලිව පෙන්නුම් කරනවා.
Reply : 295 344
Ananda Wednesday, 09 September 2020 06:02 AM
මිනීමරුවන්ට පාර්ලිමේන්තුව.
Reply : 67 87
Chinthana Wednesday, 09 September 2020 07:09 AM
මම 2010දී ලංකාවෙන් අයින් වුණා. මගේ තාත්තාටත් පින්... හැමදාම කිව්වේ පලයන් මේ රටින් කියලා. මම දැන් ඉන්නේ මැලේසියාවේ විවාහ වුණේ මැලේසියානු කාන්තාවක් සමග... මට දැන් ඕනේ දෙමව්පියන් ගෙන්වාගන්නයි.
Reply : 403 1017