(අජන්ත කුමාර අගලකඩ)
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා,යෞවන කටයුතු හා වනිතා කටයුතු ඇමති ධුරයට තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර ඇත.
ඔහු අද(02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නව අමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේය.
තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පළාත් සභාවේ හිටපු ඇමති ප්‍රමිත තෙන්නකෝන් මහතාගේ ඥාති සහෝදරයකු වන අතර හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයාය.
ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ආසනයේ ශ්‍රීලනීප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉකුත් දා පළාත් සභා අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය.

(ඡායාරූප-ජනාධිපති මාධ්‍ය අංශය)
COMMENTS
පවුල් සංස්ථාවේ අයට පමණද තනතුරු ලැබෙන්නෙ? මේකද යහ පාලනය ?
තිළිනව දඹුල්ලට දෙන්න. දැන් කෑගහන්න දෙයක් නෑ.