රංජන් කස්තුරි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නව ක්‍රමය අනුව කිසියම් කොට්ඨාසයකට තරඟ කොට පරාජයට පත්වන අපේකෂකයකු වුවද ලැයිස්තුවෙන් සභිකයකු ලෙස පත්කළ හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
එවැනි සභිකයකු පත් කිරීම සඳහා නම් කිරීමේ බලය ඒ ඒ දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට පැවරෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මීට අමතරව ඒ ඒ පළාත් පාලන ආයතනවල සභිකධූර සඳහා පත්වීමට නම්කර ලැයිස්තුවේ සිටින (තරඟ නොකර) අපේකෂකයින් අතර කුමන අපේක්ෂකයින් පත්කරන්නේද යන්න තීන්දු කිරීමේ බලයද දේශපාලන පක්ෂ ලේකම් වරුන්ට ලැබෙන බවද මැතිවරණ කොමිසම කියයි.
COMMENTS
ඒගොල්ල නම් දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්. මහජනතාව හැමදාම පරාදයි. පෙන්නේ නැත්ද පාර්ලිමේන්ම්තුවේ ඉන්නෙත් පැරදුන අය. මේක ඇවිල්ල ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි ඒකාධිපතිවාදය වගෙයි. බොරුවට සල්ලි වියදම් කරලා න්ද තියන්නේ නැතිව කැමති අයව පත් කරගත්ත නම් ඉවරයිනේ.
පරාජිතයින් ගන්නනම් මොකටද ඡන්දයක් තියන්නේ
ඕකට ඉතින් ජන්දයක් තියන්නම ඕනද, නැහැ නේ. පක්ෂවල ඉන්න අයට එකතුවෙලා ජන්ද කොට්ටාශ වල බලය සාකච්චා මාර්ගයෙන් බෙදා ගත්තත් එකයි මේකත් එකයි. ජනතාවගේ ඇති ජන්දයේ වටිනාකම මොකද්ද අද. මේ අයට ඕන විදියට තමයි වැඩ. අනේ කවදාද අපගේ පාර්ලිමේන්තුවක් අපි විසින් ගොඩ නගන්නේ?
එදත් එහෙමයි ,අදත් එහෙමයි ,හෙටත් එහෙමයි ,අපිත් එහෙමමයි
මේ වැඩෙන් වෙන්නේ පරණ ශිෂ්ට සමාජ දුශිතයෝ නැවත බලයට ඒමයි. පොදු ජනයා බලාපොරොත්තුවෙන්නේ සමාජ දුෂකයින් පලවා හැරීම මිස නැවත පත් කරගැනීම නොවේ. පිරිසිඳු දේශපාලනය වෙනුවට නැවතත් දේශපාලුවෝ පත්වීම.
ඔය ප්‍රාදේශීය සභා නැහැ කියලා අපි මැරෙනවද? මේ දවස්වල ඔය අය නැහැ කියලා රටේ වැඩ නවතිලද? නැහැනේ... මේ අටදහම රටට බරක්... අනික කලින් තිබුණු විදියට අපිට වැඩක් නැති එක්ව ගෙදර යැව්වා. දැන් එහෙමත් නැහැනේ...