ගයාන් සූරියආරච්චි
ඇමෙරිකා එක්සත් ජනපදයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ආයතනයේ (IEEE) විද්‍යුත් සන්නිවේදන සංගමය විසින් සංවිධානය කරන සුවිශේෂ ජයග්‍රහණ හා සේවා ඇගැයීමේ උළෙලේදී පිරිනැමෙන ලෙනාඩ් ජී. ඒබ්‍රහම් සම්මානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ ආචාර්ය හිමල් සුරවීර මහතාට හිමිවී තිබේ.
විද්‍යුත් සන්නිවේදන සංගමය විසින් වාර්ෂිකව සුවිශේෂි සම්මාන තිළිණ කරන අතර මෙම සම්මානය ආචාර්ය හිමල් සුරවීර මහතාට හිමිවූයේ ඔහු විසින් රචනා කරන ලද පර්යේෂණ ආකෘති පත්‍රයක් වෙනුවෙනි. පසු ගිය වසර තුන තුළ විද්යුත් සන්නිවේදන ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් දුන් පර්යේෂකයෝ මෙම ඇගැයීම් උළෙලට නිර්දේශ වූහ.
COMMENTS
මේ නිකන් නොවේ ඇගයීමට ලක්වෙන්නේ, ඔය දත්ත අරගෙන වෙනත් රටවල් ඒවා ක්‍රියාවට නංවනවා. අපේ රටට බැරි වුණාට...
ජයවේවා!!!
සුවිශේෂී ජයග්‍රහණයක් ලැබීම ගැන අප සතුටු වන අතරම, තව තවත් රටේ දූ පුතුන් වෙනුවෙන් පොත් හා ලිපි ලිවීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. තෙරුවන් සරණයි.
ඔබට අපේ උණුසුම් සුභ පැතුම්.