IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පේරාදෙණිය රෝහලේ විස්මිත සැත්කමක්

 

(චමිල් රුපසිංහ) 

මව් කුස තුළ සිටියදීම බිළිඳකුට සාර්ථක සැත්කමක් සිදුකර දරුවා නිරුපද්‍රිතව  මව් කුසින් එළියට ගැනීමට පේරාදෙණිය  ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු  කණ්ඩායමක් සමත්වුහ.

මෙම දරුවා මව් කුස තුළ සිටියදීම ගෙල ප්‍රදේශයේ විශාල ගෙඩියක් ඇති වීම නිසා ශ්වසන මාර්ගය හා පෙනහළු අවහිර වීමෙන් නිසා ටෙරටෝමා (Teratoma ) නැමැති රෝගී තත්ත්වයෙන්  සිටීම නිසා  දරුවා බේරා ගැනීමට මෙම සැත්කම සිදු කිරීමට වෛද්‍යවරුන්ට සිදු වී තිබේ.

මව්කුස සිටි දරුවෙකුගේ හිස සිට ළය දක්වා කොටස පමණක් සිසේරියන් සැත්කමකින් පිටතට ගෙන පැය දෙකක පමණ සැත්කමකින් පසු දරුවා නිරුපද්‍රිතව පිටතට ගෙන තිබේ.

මෙවැනි සැත්කමක් සාර්ථකව සිදුකර දරුවෙකුගේ ජීවිතය මෙරටදී බේරාගත් ප්‍රථම අවස්ථාව බව සැත්කම සිදු කළ වෛද්‍යවරු පවසති.

බිබිල -  පිටකුඹුර පදිංචි 36 හැවිරිදි තිදරු මවක්  වන ධම්මිකා ජයසිංහ නැමැති මව  මෙම දරුවා ප්‍රසූත කර ඇති අතර මේ වනවිට දරුවා සහ මව  මනා සුවයෙන් සිටින බවද වෛද්‍යවරු සඳහන් කරති.

පේරාදෙණිය ශික්ෂණ රෝහල ස්ථාපිත කර ගෙවුණු වසර 40 ක කාලය තුළ මෙවැනි සැත්කමක් සිදුකර නොමැති බවත් සැත්කමෙන් පසු දරුවා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකර ඇත.

දරුවාගේ හිස සහ ගෙල ප්‍රදේශය පමණක් පිටතට ගෙන තිබියදී දරුවා හා මවගේ පෙකිණි වැල අතර සම්බන්ධතාව බිඳ නොදමා ඒ ඔස්සේ දරුවාට හුස්ම ගැනීමට සලස්වමින් වෛද්‍ය කණ්ඩායම මෙම සැත්කම සිදුකර තිබේ.
බිබිල රෝහලේ ප්‍රසව හා නාරිවේද  විශේෂඥය වෛද්‍යවරයා විසින් මෙම මවගේ කුසෙහි වූ කළලයේ ඇති අසාමාන්‍යතාවයක් නිරීක්ෂණය කර ඇත. පසුව රාගම සිටින කළල පිලිබඳ විකිරණවේදී  විශේෂඥය වෛද්‍ය ටිරාන් ඩයස් මහතා වෙත මව යොමු කර විශේෂිත වූ ස්කෑන් පරීක්ෂණයකට ලක් කර එහිදී බිළිදාගේ  පෙනහැල්ල හා ශ්වසන මාර්ගය අවහිර කරමින් ඇතිබව හඳුනා ගෙන ඉන් පසුව ඒ පිළිබඳව අවශ්‍ය වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද  විශේෂඥය වෛද්‍ය චතුර රත්නායක මහතා වෙත යොමුකිරීමෙන් අනතුරුව මෙම සැත්කම සිදු කිරීමට තීරණය කර ඇත.
මේ සම්බන්දව පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද දෙපාර්තුමේන්තුවේ විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චතුර රත්නායක  මහතා 
මෙය ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන ඩර්මොයිඩ් වර්ගයේ ගෙඩියක් ලෙස බෙල්ල යට විවිද පටක එකතුවකින් සමන්විතයි. බෙල්ල සහ ශ්වාස නාලය , 

ගලනාලය අතර තෙරපීමක් ඇතිවනවා. එයින් දරුවාට ශ්වසනය සදහා අමාරු තත්වයක් ඇතිවන හුස්ම හිරවිම නිසා ජීවිත හානියක් ඇති විමට ඉඩකඩ තියෙනවා.‘
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉමේෂ් ප්‍රතාපසිංහ
දරුවා මව්කුස සිටියදී පෙකිණිවැල මගින් මව ගන්නා  ආහාර හා ඔක්සිජන් ලැබෙනවා. ශ්වසන මාර්ගයේ අවහිරතාව ඒ  අවස්ථාවේ ප්‍රශ්නයක් වුණේ නැතත්  දරුවා බිහි වීමත් සමඟ පෙනහළු මගින් හුස්ම ගැනීම අරම්භ වන නිසා මෙම අවහිරතාව දරුවා මව් කුසෙන් පිටතට ගැනීම ගැටළුවක් වෙලා තිබුණා.
දරුවාගේ ශ්වසන මාර්ගය අවහිරවන සේ පිහිටි ගෙඩිය සැත්කම මගින් සම්පූර්ණයෙන් කරන්න අමාරු නිසා. ගෙඩිය නිසා ශ්වසන මාර්ගයේ පවතින අවහිරතාව සැත්කම මගින් නළයක් යොදා තාවකාලිකව ඉවත් කළා.‘

මහචාර්ය මාතුල හෙට්ටිආරච්චි,නිර්වින්දන වෛද්‍ය විශේෂඥ වසන්ති පින්ටෝ,ළමා රෝග විශේෂඥ වෛද්‍ය පැතුම් දිසානායක,නිර්වින්දන වෛද්‍ය විශේෂඥ සමීර වාසල,උගුර,කන හා නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය එස්.ජී ඇතුල්ගම,රශ්මි හා විකිරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජීවනී උඩුපිහිල්ල,විශේෂඥ වෛද්‍යරුන් වන තාරක චන්ද්‍රසේකර,කපිල හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ පිරිසක් මෙම සැත්කම සඳහා දායකවී ඇත.

 

වැඩි විස්තර පසු බලාපොරොත්තු වන්න



අදහස් (3)

පේරාදෙණිය රෝහලේ විස්මිත සැත්කමක්

Aluthgama A. Samathasena. Sunday, 01 April 2018 08:34 AM

මෙවන් විස්කම් දක්වන වෛද්‍යවරු දෙවිවරුන්ය.එතුමන්ලාට රට ජාතියේ ප්‍රණාමය.

:       0       1

Asanka Sunday, 01 April 2018 11:34 AM

දෙවියන් වන් වෛද්‍යවරු කණ්ඩායමට උණුසුම් සුබපැතුම් ... නොමිලේ හෝ බොහෝවිට ඉතා අඩු වියදමකින් මෙවැනි විශ්වකර්ම ප්‍රතිකාරයක් කරන සීමිත රටවලින් එකක් ලංකාව.. මේ දරුවාගේ දෙමව්පියන් මෙම සියලු රෝහල් කාර්යමණ්ඩලයට ණයගැතියි.

:       0       19

chandima Sunday, 01 April 2018 02:10 PM

අනේ ඉතින් මෙහෙම දෙවිවරු වගේ අය අතරත් ඉන්නවනේ මිනිස්සු ගැන සලකන්නේ නැති අයත්...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site