IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


‘ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්න එපා‘ හිටපු ජනපති ජනතාවගෙන් ඉල්ලයි


 
(ඩයනා උදයංගනී)
 
බුද්ධිමත්ව කල්පනා කර බලා ප‍්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් වැළකී සිටින ලෙස රටේ සියලූම ජනකොටස්වලට අයත් ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පවතින් තත්ත්වය දිගින් දිගටම පැවතීමට ඉඩ නොදිය යුතු අතර පළමු නිදහස් ආණ්ඩුවට සමානව සිංහල, දෙමළ, මුස්ලිම් නායකයින් සහයෝගයෙන් කටයුතු කරන ජාතිකවාදී සන්ධානයක් නැවතත් මෙරට තුළ ගොඩනැංවිය යුතු බව ද එම නිවේදනයේ සඳහන්වේ.

මේ රට අස්ථාවර කිරීමට මාන බලන දේශීය හා විදේශීය බලවේග රට බෙදා වෙන් කිරීමට ගෙනවිත් ඇති ව්‍යවස්ථා යෝජනාවලට සහයෝගය ලබාගැනීමේ අරමුණෙන් රට තුළ 1983 තාලයේ කෝලහලයක් ඇති කිරීමට මාන බලමින් සිටින බැවින් මෙවන් අවස්ථාවල ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ද එහි දැක්වේ.
එම නිවේදනය වැඩිදුරටත් මෙසේ වේ. 

                                                              මාධ්‍ය නිවේදනය

 

                                      සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර ගැටුම් උත්සන්න වීම

දිගන නගරයේ සිංහල ලොරි රථ රියදුරු මහතෙකුට මුස්ලිම් පිරිසක් විසින් කරන ලද පහර දීමක් හේතුවෙන් ඔහු රෝහලේදී මිය යාම නිසා එම ප්‍රදේශයේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ගණනාවක් හටගෙන ඇත. මෙකී මිනීමැරුම සම්බන්ධයෙන් පොලීසිය විසින් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුන ද ඔවුන් ඝාතනය සිදුකළ අය හැටියට තවම හදුනාගැනීමේ පෙරෙට්ටුවකින් තහවුරු කරගෙන නැත. නීතියේ උපරිම බර මේ සිද්ධියට වගකිවයුත්තන්ට එරෙහිව යෙදිය යුතු වේ. එමෙන්ම ආණ්ඩුව විසින් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලට ප්‍රමාණවත් වන්දියක් ලබාදිය යුතුය. දිගන ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් මුස්ලිම් තරුණයෙකුගේ මෘත දේහයක් විනාශ  වූ නිවසකින් හමුවී තිබේ. දැන් ඝාතන දෙකක් සිදුවී ඇත. ආණ්ඩුව රටපුරා හදිසි නීතිය ද පනවා ඇත.නමුත්නුවර ප්‍රදේශයේ නොසන්සුන්තාවය මේ නිවේදනය නිකුත් කරන අවස්ථාව වන විටත් තවම සමුපූර්ණයෙන්ම පහව ගොස් නැත. සතියක් ඇතුලත සිංහල හා මුස්ලිම් පිරිස් අතර ඇතිවූ දෙවන ගැටුම මෙයයි. මීට දින කිහිපයකට කලින් අම්පාර නගරයේ ද ගැටුමක් ඇති විය. ඊට මාස කීපයකට කලින් ගිංතොට සිද්ධිය ඇතිවූ අතර, 2017 අවුරුද්ද ඇතුළත වෙනත් තැන්වලද තවත් ගැටුම් සිදුවිය.

මෙවැනි ගැටුම් වැලැක්වීමට ඇති එකම ක්‍රමය වන්නේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමයි. බොහෝවිට නොසන්සුන්තාවය පැතිර යන්නේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය නිසි ලෙස ක්‍රියාත්මක නොවූවාය යන හැගීම නිසාය. ජනවර්ග දෙකක පිරිස් අතර ගැටුමක් හෝ ආරවුලක් ඇතිවුවහොත් පොලීසිය ක්ෂණිකව හා තීරණාත්මක ලෙස එයට මැදිහත් විය යුතුය. කුපිත වූ පිරිස් රංචු ගැසී අදාළ සිද්ධියට සම්බන්ධයක් නැති පුද්ගලයන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වයේ යෙදීම හා සාමූහික දඬුවම් පැමිණවීම වැලැක්වීම ද මෙහිදී අත්‍යාවශ්‍යවේ.පොලීසිය මෙවැනි අවස්ථාවලදී නිසි ලෙස මෙහෙයවීම ආණ්ඩුවේ යුතුකම වන්නේය. මේ රට අස්ථාවර කිරීමට මාන බලාගෙන සිටින දේශීය හා විදේශීය බලවේග මේ රට අර්ධ ස්වාධීන රාජ්‍යයන් ගණනාවකට බෙදා වෙන් කිරීමට ගෙනවිත් තිබෙන ව්‍යවස්ථා යෝජනාවලට සහයෝගය ලබාගැනීමේ අරමුණෙන් මේ රටේ 1983 තාලයේ කෝලහලයක් ඇති කිරීමට මාන බලමින් සිටී. මේ සිදුවන දේවල් දෙස ඉතා බුද්ධිමත්ව හා කල්පනාකාරී ලෙස බලා ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් වැලකී සිටින මෙන් මම මේ රටේ සියලුම ජන කොටස්වලට අයත් ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

අප නිදහස ලැබූ මුල් වකවානුවේදී සිංහල දෙමළ හා මුස්ලිම් නායකයන් මේ රට සමගියෙන් පාලනය කළේය. උතුරේ දෙමළ නායක ජී.ජී. පොන්නම්බලම් මහතාට සේනානායකවරුන් සමඟ ඉතා කුළුපඟ සම්බන්ධතාවයක් තිබුණි. 1950 ගණන්වල මැද සිට ජාතිවාදය සහ බෙදුම්වාදය උතුරේ දෙමළ දේශපාලනයට ඇතුළුවීම නිසා ඒ යුගය අවසන් විය. පසුගිය දශකවලදී මේ රටේ මුස්ලිම් නායකත්වය ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට අනුගත වී සිටියේය. එජාපයේ ඒ.සී.එස්. හමීඩ් හා එම්.එච්. මොහොමඩ් සහ ශ්‍රිලනිපයේ බදියුදීන් මොහොමඩ් හා අලෙවි මවුලානා වැනි නායකයන් අපට මෙහිදී සිහිපත් වේ. මොවුන් පාර්ලිමේන්තුවට පත්වූයේ මුස්ලිම් මෙන්ම සිංහල ඡන්දද ලබාගෙනය. ඒ කාලයේ දී සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර මේ ආකාරයේ ගැටුම් නොතිබුණි.

නමුත් 1980 ගණන්වල අග සිට මුස්ලිම් ප්‍රජාවේ කොටසක්ද ජාතිවාදී දේශපාලන පක්‍ෂවලට අනුගතව තිබේ. මේ නිසා නොයෙක් දේශීය හා විදේශීය බලවේගවලට තම ඒජන්තවරුන් ලවා සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර ගැටුම් ඇතිකිරීම පහසු වී ඇත. අද මේ ඇතිවන සිංහල - මුස්ලිම් ගැටුම් මෑත කාලීන ප්‍රපණ්චයකි. 2012 වසර වන තෙක් සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර මෙවැනි ගැටුම් නොතිබුණු බව කාටත් මතක ඇතැයි මම සිතමි. අද යහපාලන ආණ්ඩුව තුළ සිටින කුමන්ත්‍රණකරුවන් පිරිසක් එදා මගේ ආණ්ඩුව අස්ථාවර කිරීමට පටන්ගත් මේ ක්‍රියාදාමයට දැන් වෙනම ජීවයක් ආරූඩ වී ඇති බවක් පෙනෙන්නට තිබේ. අද මේ රටේ ජන කොටස් අතර අවිශ්වාසය එන්න එන්නම වර්ධනය වෙමින් පවතී.

උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව විශාල වශයෙන් ජීවත් වුවද දෙමළ ජනතාවගෙන් අති බහුතරය ස්ථිරව පදිංචි වී සිටින්නේ උතුරු නැගෙනහිර පළාත් වලින් පිට, සිංහල ජනතාව අතරය. එමෙන්ම නැගෙනහිර පළාතේ සෑහෙන මුස්ලිම් ජනගහනයක් සිටිය ද මුස්ලිම් ජනතාවගෙන් අතිබහුතරය ස්ථිරව පදිංචි වී සිටින්නේ නැගෙනහිර පළාතෙන් පිට සිංහල හා දෙමළ ජනතාව අතරය. අප දැනට අත්දකිමින් සිටින්නේ මහපොළොවේ දක්නට තිබෙන ඒ යථාර්ථයත් ජාතිවාදී දේශපාලනයත් අතර ඇති නොගැලපීමයි. වෙනත් ආගම් හා ජාතීන්වලට අයත් ජනකොටස් සතුරන් හැටියට පෙන්නුම් කිරීම ජාතිවාදී දේශපාලනයේ පදනමයි.  අද මේ රටේ ඇතිවී තිබෙන්නේ වෙනස් ආගම් හෝ ජාතිකත්වයන් සහිත පුද්ගලයන් අතර ආරවුලක් හෝ ගැටුමක් ඇතිවුවහොත්, එය ප්‍රදේශය පුරාම පැතිර යන ජාතිවාදී කෝලාහලයක් බවට පත්වීමේ ප්‍රවණතාවයකි.

මේ තත්ත්වයට දිගින් දිගටම පැවතීමට ඉඩ හැරීමට අපට නොහැක. අපේ පළමු නිදහස් අණ්ඩුවට සමානව සිංහල, දෙමළ හා මුස්ලිම් නායකයන් සහයෝගයෙන් කටයුතු කරන ජාතිකවාදී සන්ධානයක් නැවත මේ රට තුළ ගොඩනැගීමේ අවශ්‍යතාවයක් ඇත. දශක ගණනාවක් පුරා මේ රට තුළ පතුරුවා ඇති ජාතිවාදී වස විස නිසා මෙය කිසිසේත්ම පහසු කාර්යයක් නොවනු ඇත. නමුත් මෑතකදී පවත්වනු ලැබූ පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල නිසා ජාතිවාදී රැල්ල ආපස්සට හැරවීමට යම්කිසි අවකාශයක් විවර වී ඇති බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. මේ සම්බන්ධයෙන්දේශමාමක සිංහල,දෙමළ හා මුස්ලිම් පුද්ගලයන් හාසංවිධානසමඟ ඉදිරියේදී  සංවාදයක් ඇතිකර ගැනීමට මම අදහස් කරගෙන සිටිමි.

 



අදහස් (16)

‘ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්න එපා‘ හිටපු ජනපති ජනතාවගෙන් ඉල්ලයි

Gihan Wednesday, 07 March 2018 11:12 AM

ඔය ව්‍යවස්ථාව ආවොත් බොහොම ලේසියෙන් අනිත් රටවල් ලංකාව පාලනය කරාවි. ගැ‍ටුම් පාලනය සිහිනයක් වේවි.!!!

:       1039       3126

RNGWednesday, 07 March 2018 01:19 PM

දැන් ලංකාව පාලනය වෙන්නෙත් අනිත් රටවලට ඕනෑ විදියට තමා.. මොනවා වුණත් මේ මනුස්සයගේ කාලෙ පිටරටට ගැති නොවී කොන්ද කෙලින් තියාගෙන රට පාලනය කළා....

:       644       420

Ajith NissankaWednesday, 07 March 2018 03:10 PM

පිටරට අයගේ කෙසේ වෙතත් පවුලේ අය එකතු වෙලා මේ රටේ අයගේ කොන්ද නම් කඩලම දැම්මා !

:       0       253

rohanThursday, 08 March 2018 12:36 AM

චිනට නැවූනේ තුනටිය වෙන්න ඇති.

:       5       219

පිටිගල මිලානෝ Wednesday, 07 March 2018 11:44 AM

අවංකවමද කියන්නේ? මේ දුක්ඛදායක අවස්ථාවේ රට්ටු හිනස්සවන්න එපා.

:       2197       2537

ajithkaru Wednesday, 07 March 2018 11:46 AM

" වැදි බණ" කියන්නේ මෙන්න මේවට නේද?

:       2034       2599

piris Wednesday, 07 March 2018 12:07 PM

වැදි බන...

:       642       996

සිදුහත් Wednesday, 07 March 2018 12:11 PM

වර්තමාන අජාසත්ත හදුනාගන්න

:       571       1015

kapila Wednesday, 07 March 2018 12:15 PM

ගොඩාක් සිංහල අය යතාර්තය ගෑන කතා කරන්නෙ නෑ. උතුරු නෑගෙනහිර පදිංචි වෙන්න කෑමති අය ඉන්නවද ? නෑ. දකුනේ කෑ ගහන එක් අයෙක්වත් ඒ පළාත්වලට යන්න කෑමතිද?

:       6       109

V.warnakulasuriya Wednesday, 07 March 2018 12:50 PM

පසුගිය පළාත්පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදූජන පෙරමුණ ජය හිමිකර ගත්තේ ජාතිවාදී විෂබීජය ජනතාවගේ මනස තුළ තැන්පත් කළ නිසා බව රහසක් නොවේ. අද තමන්ටම එයට ප්‍රතිකාර යෝජනා කරන්නට සිදුවී ඇත. මෙතුමාගේ වචනයෙන්ම කියනවා නම් රට අස්ථාවර වීමෙන් බලය ලැබීමට පොරකන කාටත් එය වාසි සහගතය. මේ මොහොතේ මෙතුමා කියන සහජීවනය මීට පෙර මෙතුමාගේ ප්‍රකාශ තුළ අපි නුදුටුවෙමු. "දවල් මිගෙල් රෑ දැනියෙල් " කතාව මේ ප්‍රකාශය තුළ දැකිය හැකිය. මේ ප්‍රකාශය තුළ සිටින සත්‍ය නායකයින් අපට සිටියේ නම් මෙවැනි සිදුවීම් කිසිදවසක අසන්නට ලැබෙන්නේද නැත.

:       0       0

chathuri Wednesday, 07 March 2018 12:58 PM

යක්කුන්ට දොළපිදේනිය දුන්නම තියෙන කරදරවලින් පැනල යනවා. මෙයාට... රජයට මොනවා දෙන්න වෙයිද කරදර නොකර? පාඩුවේ ඉන්න...

:       0       0

Buddika Wednesday, 07 March 2018 01:06 PM

රටේ ප්‍රශ්න හදලා විතරක් නෙවෙයි. ඇතිකරන්නත් හදලයි තියෙන්නේ... බලයෙන් මත්වෙලා රට විනාශ කරන්නේ තනියම නෙමෙයි. හොරුත් එක්කයි.

:       222       319

පෙරේරා Wednesday, 07 March 2018 01:18 PM

අවුරුදු 3 ක් ජාතිවාදය අවුස්සලා දැන් එනවා බයිලා ගහගෙන....

:       730       1035

Senevi Wednesday, 07 March 2018 02:22 PM

මෙයාගේ අනුගාමිකයින් වැඩි දෙනෙක් මේවට එකඟයි. ඒකයි යතාර්ථය...

:       0       0

අසෝක ජයතිලක මිලානෝ Wednesday, 07 March 2018 02:57 PM

ඔන්‍න‍ දැන් ෆීල්ඩ් මාෂල්තුමා ආරක්ෂක ඇමති වෙන්නයි යන්නේ. සතුටුද දැන්?

:       0       0

bandula Wednesday, 07 March 2018 11:45 PM

පව් අනේ මෙයා, මෙයාගේ ආසාවනේ , දැන් මේ කට්ටිය හරි හොඳයි නේ , බේරුවල අලුත්ගම පැත්තේ ඒ දවස්වල මොකුත්ම උනේ නැනේ නේද මෙයා.

:       0       134

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වෙසක් පෝයට දවස් තුනක් මස්-සුරා-රේස් බුකි-කැසිනෝ නෑ
2025 මැයි මස 09 59 0

මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න


‘විපක්ෂට අපේ දේවල් කර තියාගෙන යන්න වෙලා‘
2025 මැයි මස 09 488 2

විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු


දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
2025 මැයි මස 09 689 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර


මන්ත්‍රී විශ්‍රාම වැටුපට තට්ටු වන පනත ළඟ ළඟ එයි
2025 මැයි මස 09 596 2

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි


මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 3088 6

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩසටහනක්
2025 මැයි මස 09 397 0

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1259 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 325 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site