IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පරාක්‍රම සමුද්‍රෙය් වාරි ඉංජිනේරුවරයාට මැර ප්‍රහාරයක්

         

(ක.ග කරුණාරත්න)
 
රාජකාරි කටයුත්තක් සඳහා ගොස් සිටි පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාට පොලොන්නරුව දෙකේ ඇළ ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් පහර දී ඇතැයි  පොලීසිය පවසයි. 

අද උදෑසන මෙම පහරදීම සිදුව ඇති අතර  ප්‍රහාරයෙන් තුවාල ලැබූ වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

පොලොන්නරුව, නවනගරය, දෙකේ ඇළ ප්‍රදේශයේ වාරිමාර්ග රක්ෂිතයක සිදුකළ  අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීම සඳහා වාරිමාර්ග ඉංජිනේරුවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අද (11) උදේ එම ස්ථානයට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදු කර තිබේ.

තමන්ට මැර තර්ජන එල්ලක කර පහරදීමට පැමිණි පුද්ගලයින් හඳුනා ගැනීමට හැකි බවත් ඔවුන් අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පොලොන්නරුව මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නගරාධිපති ධූරයට තරඟ කර පරාජයට පත්වූ අපේක්ෂකයකු ද සිටි බවත් පහරකෑමට ලක්වූ වාරිමාර්ග ඉංජිනේරුවරයා පොලිසියට ලබාදී ඇති කට උත්තරයේ සඳහන් වේ.

මෙම පහරදීම් සිදු කළ බව කියන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු පැවසූහ.

පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.  



අදහස් (2)

පරාක්‍රම සමුද්‍රෙය් වාරි ඉංජිනේරුවරයාට මැර ප්‍රහාරයක්

රවින් Friday, 11 May 2018 07:57 AM

ලංකාවේ කොතැනක හෝ ශිෂ්ට සමාජ විරෝධී ජඩ වැඩක් වෙලානම් එතන දේශපාලකයෙක් ඇති.

:       0       42

සේනක Friday, 11 May 2018 08:22 AM

මේවා තමයි යාහාපාලනයේ තියෙන සංහිඳියාවයි - නීතියයි. රටේ ජනාධිපතිගේ උපන් නගරයේ මේහෙමනම් රටේ අනිත් තැන්වල කවර කතාද?ඔය ඔක්කොම නිතිය සාමාන්‍ය ජනතාවට විතරයි. ජනාධිපතිතුමනි ලබන පාර ගෙදර ගියේ නැත්නම් ජනතාව බලෙන් හරි යවයි. මෙහෙම ගියොත් රටේ නිතිය බල්ලට යනවා. ජනාධිපතිතුමනි අරයා අදිනවා,මෙයා අදිනවා කියලා හරියන්නේ නැහැ.මේවා මෙහෙම වෙන්න දිලා බලාගෙන ඉන්නවනම් රටකට ජනාධිපතිවරු,අගමැතිවරු අවශ්‍යය නැහැ.රටේ වැඩ කරන ජනතාවට ආරක්ෂාවක් දෙන්නේ නැත්නම් මොකටද රටට පාලකයො.

:       0       127

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 50 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site