වසන්ත චන්ද්‍රපාල
 
වන අලි පහරදිමකින් අම්පාර පන්නල්ගම කුමන ප්‍රදේශයේ දී මියගිය අරුණ ශාන්ත මහතාගේ දියණිය අද අම්පාර මහානාගපුර විදුහලේ දී ශිෂ්‍යත්වට පෙනි සිටියාය.
 
අද පෙරවරු 7.00 පමණ මවට වැඳ ආශිර්වාද ගෙන පියාට වඳින ගාථාව කියමින් පියාගේ දේහයට වැඳ  විභාගයට පෙනී සිටිමට යන අවස්ථාවේ එතැන සිටි සියලු දෙනාගේ දෑස් කඳුලුවලින් බරිත වී තිබිණි.
 
මෙම දියණිය ඉගෙන ගන්නා පාසැල වන පන්නල්ගම මහා විදුහලේ විදුහල්පතිනිය පැමිණ දරුවා සනසවමින් මහානාගපුර විදුහලේ විභාග ශාලාව වෙත තම මෝටර් රථයෙන් කැඳවාගෙන ගියාය.