(ශාන්ත ප්‍රදීප් කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිලියන්දල මාම්පේ නිවසක් තුළදී විසි හැවිරිදි පෙම්වතා විසින් ගිනි තැබීමෙන් බරපතල තුවාල ලද දහ නව හැවිරිදි පෙම්වතිය දින දොළහකට පසු අද (19) කලුබෝවිල ශික්ෂණ රෝහලේදී මිය ගිය බව පිලියන්දල පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පිලියන්දල මඩපාත-සේරුවාවිල පදිංචිව සිටි සදිනි ගෞරිකා ජයසේකර යන අයයි.
ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ මොවුන් දෙදෙනා ඔවුනොවුන් හඳුනාගෙන පෙම්වතුන් බවට පත්වූ බව සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
සිය පෙම්වතියට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා වන සසිදු මධුසංක ප්‍රනාන්දු යන අය මෙම මස 27 දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කිරීමට කැස්බෑව අධිකරණයේ මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd