( තිළිණි ද සිල්වා රංජන් කටුගම්පොළ)
පන්නිපිටිය නගර මධ්‍යයේ පිහිටි බෝ ගස කපා ඉවත් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට එරෙහිව අද (6) අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. මෙම අතුරු තහනම් නියෝගය මැයි 9 වැනිදා තෙක් බල පැවැත්වේ.
කොළඹ ‐ අවිස්සාවේල්ල ප‍්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ පන්නිපිටිය නගර මධ්‍යයේ පිහිටි බෝ ගස කපා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ගෙන ඇති තීරණයෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් ගොනු කළ පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ඊවා වනසුන්දර ,අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී. වේරදූවේ සිරි ජෝති හිමි සහ පන්නිපිටිය ප‍්‍රදේශවාසීන් හතරදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබිණි.
COMMENTS
මාර්ග සංවර්ධන අධිකාරියට කපන්න දේවල් ඕනනම් අපේ ගෙදර කෑලාව ඕන තරම් තියෙනවා එන්න කියන්න. අපේ සංස්කෘතිය ආගම විනාස නොකර. සංවර්ධන කියන්නේ මොකද්ද නොදන්නා මෝඩ මිනිස්සු.
මෙය අපේ සිංහල-බෞද්ධ ජයග්‍රහණයකි. කිසිම බෝ ගසකට අත තබන්නට ඉඩ දිය යුතු නැත. වඩාත් බෝධි වෘක්ෂ රෝපණය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උනන්දු කල යුතුය. සැම බෞද්ධයෙකුටම තම තමාගේම ඉඩමෙහි බෝධි වෘක්ෂයක් වවා ගැනීමට අවශ්‍ය ආධාර සහ පොහොර ලබා දීම බුද්ධ සාසන අමාත්‍යංශයේ වගකීමකි. බෝ ගස වනාහි ලීයෙන් වත් කොලවලින්වත් ගෙඩිවලින් වත් කිසිම කෙනෙකුට කිසිම පලක් නැති වෘක්ස රාජයෙකි. ඒ නිසා දිවිහිමියෙන් ආරක්ෂා කර ගත යුතුය!
මේ බෞද්ධ රටේ මේ බෝ ගහේ වටිනාකමවත් දන්නේ නැති මිනිස්සු ටිකක්ද මාර්ග සංවර්ධන අධිකාරියේ ඉන්නේ ?
මම මෙ මළුවට යනවා එනවා බෝ මුල් බෝ පත් මට පැගෙනවා සමාව දී මගේ පව් අරවනවා බෝ රජුනේ මට අවසර දෙනවා.