කවිතා සුබසිංහ
කැලණි සරසවියේ පොදු දේපල වලට අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් 20 වැනි දා සිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සිසුන් තිදෙනා රුපියල් පන්දහසක බැගින් වු මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහර මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (28) නියම කළේය.
කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ අංශයේ ඉගෙනුම ලබන නුවර, පොලොන්නරුව හා ගනේමුල්ල යන ප්‍රදේශවල පදිංචි සිසුන් තිදෙනෙකු හට මෙසේ ඇප නියම විය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නෙවිල් අබේරත්න මහතා අධිකරණය වෙත කරුණු දක්‌වමින් පැවසුවේ සිසුන් දහස් ගණනක් අධ්‍යාපනය ලබන සරසවියක මොවුන් තිදෙනා විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවට ප්‍රකාශ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.
කිසිදු සාක්ෂිකරුවකු විසින් හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී මෙම සැකකරුවන් තිදෙනා හඳුනාගෙන නොමැති බැවින් විශ්ව විද්‍යාල සිසුන් විවිධ දේශපාලන පසුබිම් මත විවිධ සංගම්වල ඉදිමින් පොදු දේපලවලට හානි සිදු කිරීම සම්බන්ධ කරුණු කොතෙක් වාර්තා වුවද මෙම සිසුන් තිදෙනා එවැනි දේශපාලනය හා සම්බන්ධ කිසිදු සංගමයක සාමාජිකත්වයක් නොදක්වන ඉතා දුෂ්කර ප්‍රදේශවල සිට පැමිණ තමාගේ පාඩුවේ අධ්‍යාපන කටයුතු සිදුකරන බවයි.
රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම නිසා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ද කඩාකප්පල්කාරී වන බැවින් හා විශේෂ කරුණු යටතේ ඇප ලබාදීමේ හැකියාවක් මහෙස්‌ත්‍රාත්වරයා සතුව ඇති බැවින් ඕනෑම කොන්දේසියකට යටත්ව ඇප අයැදීමක් ඉල්ලා සිටින බවයි.
ඔක්තෝබර් 10 වැනි දා නඩුව යළි කැඳවීමට නියමිතය.
විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා සහ නීතිඥ රවිදු හෙයියන්තුඩුව, සුදර්ශන වික්‍රමරත්න, අසංක දයාරත්න යන මහත්වරු පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටු හිතෙනවා මෙයාලට ඇප ලැබුනට
එතකොට අලාභයට වන්දි ගෙවන්නේ පොලිසියෙන්ද? මේ අයට උසස් අධ්‍යාපනය වෙනුවට, පුනරුත්තාපනයයි කල යුත්තේ.
අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ ලහිරු විජේසේකර කියන්නේ මේවත් එක්තරා අධ්‍යාපනයක් කියලා. උපාධි ගත්තේ නැති අයට ඉගෙන ගන්නවලු. අනේ ළමයිනේ දෙමුපියෝ දුක් විදලා ඉගෙනගන්න එවපුවම එක එක්කෙනාට කඩේ යන්නේ නැතුව ඉගෙනගන්න. ලෝකේ හදන්න ඉස්සර වෙලා තමන් හැදිලා හිටින්න. එතකොට ලෝකෙම වෙනස්වෙයි. අපි ඔබලා තරම් ඉගෙන ගත්තේ නැති වුනාට ඕක තමයි කරන්න ඕනේ. අපි දරු මල්ලෝ හදාගෙන, පොඩි රස්සාවකුත් කරගෙන සමාජයට කරදරයක් නොවී ජීවත් වෙන්නේ ඕක නිසා.