( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම ලබන සැප්තැම්බර් 08 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (02) තීන්දු කළේය.
පෙත්සම සම්බන්ධයෙන් වන මූලික විරෝධතා සම්බන්ධයෙන් වන ලිඛිත දේශන එදිනට ගොනු කරන ලෙස අධිකරණය පෙත්සම්කරුවන්ට හා වගඋත්තරකරුවන්ට දැනුම් දෙන ලදී.
සයිටම් ආයතනය ලබා දෙන වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා ලබා දුන් තීන්දුව පාදෙණිය මහතා විසින් විවේචනය කිරීම හේතුවෙන් අභියාචනාධිකරණ අධිකාරි බලය හෑල්ලූවකට ලක් කර ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඩුවමක් නියම කරන ලෙස ඉල්ලා සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් දෙදෙනෙකු අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.
පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් යුත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නම් කරනු ලැබ සිටියි.
2025 දෙසැම්බර් මස 04
565
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාදෙණියට එරෙහි පෙත්සම කල් යයි
Naal Thursday, 03 August 2017 10:37 AM
අනේ මහාචාර්ය සරත් විජේසූරිය මහතාටයි, වියන්ගොඩටයි චෙච්චි දෙයක්. ඔය තියෙන උනන්දුවෙන්ම මහබැංකු බැඳුම්කරයට විරුද්ධවත් නඩු දාන්නකෝ. සයිටම් රෝහල රජයට බදු අරගෙන කරන මගඩිය ගැන ප්‍රශ්න කරන්නකෝ? ඉස්සර අපට යහපත් පෞරුෂයක්, සාධාරණත්වයක්, ගැන කියපු සර්ට දැන් වෙලා තියෙන වින්නැහියක තරම තමයි.