පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ලබාගැනීමට ඒකාබද්ධ විපක්‍ෂයට අවශ්‍ය නම්, ඔවුන් පොදුජන පෙරමුණ පක්‍ෂයේ සාමාජිකයන් බව ප්‍රකාශ කර කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
බත්තරමුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මුල් අවස්ථාවේදී ඔවුන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඉල්ලුවා. ඒ අවස්ථාවේදී ආපු තර්කය තමයි ඔවුන් තරග කරලා තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කියන කාරණය. පාර්ලිමේන්තුවෙන් එළියේ තියෙන දේශපාලන පක්‍ෂ ගැන පාර්ලිමේන්තුවට වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේ ඇතුළේ තිබෙන පක්‍ෂ නියෝජනය කරන්නේ කවුද කියන එකයි වැදගත්.
මේ පාර ඡන්දයේ දී සිදුවූ විශේෂ දේ තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට ආපු 45 ආසන්න මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැමැති පක්‍ෂය හරහා එයට උදව්ක්, එයට කැමැති වෙලා ඇවිත් තියෙනවා.
දැන් එතුමන්ලාට තිබෙන්නේ ඒ පක්‍ෂය තමන්ගේ පක්‍ෂය හැටියට තමන් පිළිගන්නා බව, තමන් ඒ පක්‍ෂයේ සාමාජික බව ප්‍රකාශ කරලා කථානායකතුමාට ඉල්ලීමක් කිරීමයි. එහෙමඉල්ලීමක් කළොත් අපි එය පිළිගන්නවා* යැයි ප්‍රකාශ කළේය.
044
COMMENTS
එතකොට පක්ෂ මාරු කළාම මන්ත්‍රීකමින් නෙරපන්න පුළුවන් නේද?
විපක්ෂ නායක කම කොහොම වෙතත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයේ හිඳිමින් වෙනත් පක්ෂයක් ප‍්‍රවර්ධනය කළා කියල ඒකාබද්දෙ මන්තී‍්‍ර ධූර ටිකටත් තට්ටු වෙයිද දන්නෙ නෑ...................
මෙයාට මොකක්ද තියෙන අමාරුව......එ්කාබද්ධ උදවිය කොහේ හිටියත් ? මේක නම් මොකක් හරි ලණුවක් වෙන්න ඕනේ.
කුසගිනි හැදුනට ඉඳල් නොකව් කණකොළ නොබුදිති සිංහ පැටව් // හොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ තල තෙල් නොදමයි රන් බඳුණේ //
චන්දෙ ඉල්ලුවේ ඔය පක්ෂෙන් නෙමෙයිනේ , කන්න ඔනවුනාම කබරගොයත් , තලගොයා වෙනවලුනෙ. සන්දානේ නිසා ලැබිච්ච මන්ත්‍රී කමත් නැති කරගන්න වගේ හදන්නේ
මෙච්චර දේවල් මේ වෙනකොට කරේ ඔය විපක්ෂ නායකකම තියාගෙන නෙවෙයි නෙ... ඉතින් ඉතුරු ටිකත් ඔහොමම යමු... මොකද ඒ වගේ දෙයක් දැන් ලබා ගැනීම පාඩුයි... පාර්ලිමේන්තුවෙ දි ආණ්ඩුව කරන වැරදි නැවැත්තුවම එළියට පේන්නෙ ආණ්ඩුව වැරදි කරන්නෙ නෑ වගේ... විරුද්ධ වෙන්න ක්‍රමයක් නැතිවුනාම ආණ්ඩුව තව තව නා ගන්නව. ඉතින් මොකටද ඒක නවත්තන්නෙ...?
පොදුජන පෙරමුණ කියල පක්ෂයකින් 2015 මහා මැතිවරණයට කිසිවෙක් ඉදිරිපත් වෙලා නැහැ, එම කණ්ඩායම පත් උනේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්ද වලින්. එම පිරිස නියෝජනය කරන්නේ ඡන්දය දීපු ජනතාවයි. එදා ජනතාව අනුමත නොකරපු ඒ වගේම එදා, නොතිබිච්ච පක්ෂයකට විපක්ෂ නායකකම දෙන්න නීතිය අනුව පුලුවන්ද?
ඔයිට වැඩිය හොද නැද්ද "ඉබ්බාගෙන් පිහාටු ඉල්ලුවානම්"